පුවත්

බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ සියවස් සැමරුම

2017 ජූලි 02 වැනි ඉරිදා - 47  

බද්දේගම සාන්ත අන්තෝනි විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තාක්ෂණ පීඨය හා තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පැවරීම සහ සියවස් සැමරුමට සමගාමීව පැවැත්වෙන අධ්‍යාපනික ප්‍රදර්ශනය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ සිදු විය.

සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණික පීඨය හා තාක්ෂණික විද්‍යාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා විද්‍යාලයේ ජාතික සහ ජාත්‍යන්තර තලයේ විශිෂ්ටතා දැක්වූ දරුවන්ට තිළිණ ප්‍රදානය කිරීමට ද එක් විය.

විද්‍යාලයේ විදුහල්පති එච්.ජී. ඉන්ද්‍රජිත් මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත   සමරු තිළිණයක් පිළිගැන්වීය. අනතුරුව අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා  එය නැරඹීමට ද එක් විය.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (3) unnamed (4) unnamed (5) unnamed (6) unnamed (7) unnamed (8) unnamed (9) unnamed (10) unnamed (11) unnamed (12) unnamed (13) unnamed (14) copy