ලොව වටා

නොපෙනෙන ලොව ගැන කියන උපාංගයක්

2017 අගෝස්තු 28 වැනි සඳුදා - 386  

දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට පොත්, පුවත්පත් කියැවීමට සහ තමා අවට පරිසරයේ ඇති උපකරණ පිළිබඳව විස්තර කරන උපාංගයක් තරුණ මෘදුකාංග ඉංජිනේරුවකු විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.

මෙම උපාංගය ‘ඔරාසි 2.0’ නමින් හැඳින්වෙන අතර ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකතනයක් හා සම්බන්ධ කළ යුතුය. එමගින් දුරකතන ඇමතුම්, එස්.එම්.එස්. කියවීම, ඊමේල්, එස්.එම්.එස් යැවීම, භාෂා පරිවර්තනය කිරීම ඇතුළු ක‍්‍රියාකාරකම් රැසක් සිදුකළ හැකිය.image_bb3da4bc32

මෙය ඇන්ඩ්‍රොයිඞ් දුරකතනය හා සම්බන්ධ කළ පසුව පරිශීලකයා විසින් කිසිඳු කාර්යයක් සිදුකිරීමට අවශ්‍ය නොවන අතර එහි යෙදුම් (සෙටිංග්ස්) ස්වංයක‍්‍රීයව මෙම උපාංගය මගින් පිහිටුවීම මෙහි ඇති විශේෂත්වයකි.

මහරගම, හබරකඩ පදිංචි ඔහු ඉසුරු සම්පත් ය. ඔහු නිර්මාණය පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරිනි.

‘‘ දෘෂ්‍යාබාධිත පුද්ගලයන් පත්තරයක, පොතක තිබෙන දෙයක් කියවන්නේ බ්‍රේල් ක‍්‍රමයට අනුවයි. එහෙත් හදිසි අනතුරුවලින් දෘෂ්‍යාබාධිත වන පුද්ගලයන්ට එය ඉගැනීමට කිසියම් කාලයක් ගතවීම නිසා ඔවුන් සමහරවිට කලකිරීමට ලක් වෙනවා.. මා මේ නිර්මාණය කරන්න හිතුවේ මගේ නෑදෑ වෙන කෙනකු හදිසි අනතුරකට ලක්වීම නිසා ඔහුගේ ඇස් පෙනීම නැතිවුණා. එතැනදී මා ඔහු මුහුණ දෙන ගැටළු සියල්ල දුටුවා. ඒ වෙනුවෙන් යම්තාක් දුරට හෝ විසඳුමක් ලබාදෙන්න පුළුවන්ද කියලා බලන්න තමයි මා මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ.’’image_eb38cc8d03

‘‘මේ උපාංගය පරිශීලනය කරන්න හරිම පහසුයි. දෘෂ්‍යාබාධිත අයකු මෙම ‘‘ඔරාසි’’ උපාංගය ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකතනයට සම්බන්ධ කිරීම පමණයි කළ යුත්තේ ඉන්පසුව එය ස්යංක‍්‍රීයව ස්ථාපිත වෙනවා. එමගින් එස්.එම්.එස්. යැවීම, දුරකතන ඇමැතුම්, එස්.එම්.එස්. කියැවීම, පොත්පත් කියවීම, අප අවට තිබෙන දෑ පිළිබඳව මෙම උපාංගය විස්තර කරනවා. ඊට අමතරව මෙමගින් භාෂා පරිවර්ථනය (උදා: චීන භාෂාවෙන් ඇති ලිපියක් ඉංග‍්‍රීසි භාෂාවෙන් පරිවර්ථනය කිරීම) කළ හැකිය. අපට පොතක් කියැවීමට අවශ්‍ය නම් මෙම උපකරණය පොතට මදක් ඉහළින් තබාගෙන එක බොත්තමක් තද කිරීමෙන් පමණක් සිදුකළ යුතුවෙනවා. ඉන්පසුව තත්ත්පර 3 කට අඩු කාලයකදී පොතෙහි පිටුව කියවීම සිදුකරනවා. මෙහිදී උපකරණය නොපිට අතට තැබුවද ස්වංක‍්‍රීයව උපකරණය කරකැවී ලිපිය කියවනවා.’’

‘‘වාහන ස්වයංක‍්‍රීයකරණ පද්ධති, මෝටර කළමනාකරණ පද්ධති, අනතුරු හඳුනාගැනීමේ පද්ධති, පුස්තකාල කළමනාකරණ පද්ධති ඇතුළු නිර්මාණ රාශියක් කරලා තියෙනවා. දැනට නොයෙකුත් විශ්විවිද්‍යාලවල මෙවැනි ව්‍යාපෘති සිදුකරනවා. එහෙත් අවසන් සම්පූර්ණ නිමැවුමක් දකින්නට ලැබෙන්නේ නෑ. මට වුවමනා වුණේ අවසන් නිෂ්පාදනයක් දක්වා මෙය රැගෙන යාමයි. මා සිතන්නේ එය මා සිදුකළා. ඔරාසි උපකරණය වර්ග දෙකකින් නිෂ්පාදනය කර තිබෙනවා. ‘ඔරාසි 2.0 2017’ සහ ‘ඔරාසි මිනි’ උපාංගයත් නිෂ්පාදනය කර තිබෙනවා. ‘ඔරාසි මිනි’ උපාංගය පොත්පත් කියවීම, පත්තර කියැවීම, විවිධ ලිපි කියැවීම වැනි සංකීර්ණ කටයුතු සඳහා නිර්මාණය කර තිබෙනවා.’’
 “මේවන විට ‘ඩි‍්‍රස්ටී‍්‍රස් 2.0 ෆියුචර් X තරගයේ අවසාන නිර්මාණ 12 අතරට සහ එස්.එස්.12 ඒෂියා 2016 තරගයේ අවසන් නිර්මාණ 5 අතරටත් තේරීමට හැකිවුණා. අයි.අයි.ටී. හැක් තරගයෙන් ප‍්‍රථම ස්ථානයත්, ගෝලීය ශිෂ්‍ය ව්‍යවසාය සම්මාන තරගයෙන් දෙවැනි ස්ථානයත් දිනාගත්තා. අයි.අයි.ටී. කටින් ඒජ් 2016 තරගයෙන් දෙවැනි ස්ථානයත්, ජනශක්ති ඇපකන් චැලෙන්ජ් තරගයෙන් අවසන් 20 දෙනා අතරටත් ඇතුළත්වීමට හැකිවුණා. ‘දූතයා’ නමින් විශේෂිත පද්ධතියක් මා විසින් නිපදවූවා. එමගින් යම් කිසි අයකු පදවන මෝටර් රථය අනතුරකට ලක්වූ විගස මෝටර් රථය තුළ සිටියේ කවුද?, අවසාන වේගය, අනතුර සිදුවූයේ කොතැනද ඇතුළු අනතුරු පිළිබඳව තොරතුරු අප විසින් කළින් ඇතුළත් කර තිබෙන පොලිසිය, රෝහල, ගිලන්රථ වැනි සේවාවන්ට ක්ෂණිකව දැනුම්දීමක් කරනවා.’’

‘‘මේ දිනවල ඔරාසි හා සම්බන්ධ උපකරණ කීපයක පර්යේෂණ සිදුකරමින් පවතිනවා. මා මේවන විට පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන යනවා. එමෙන්ම පාරිභෝගිකයන් වෙනුවෙන් මෘදුකාංග නිපදවීමද මා විසින් සිදුකරනවා. එහෙත් ප‍්‍රධාන වශයෙන් පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති අප ආයතනය මගින් කරනු ලබනවා. මෙම ‘ඔරාසි’ නිර්මාණවල ඇති විශේෂත්වය නම් මෙහි යාවත්කාලීන කිරීම ස්වංක‍්‍රියව  වීමයි. එම නිසා මෙය පරිශීලකයාට එය ඉතා පහසුවක් වෙනවා.’’image_f5fced98d4

‘‘මෙම නිර්මාණයේදී මගේ මවුපියන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. එමෙන්ම ගුහතාතන් පොරවි, ප‍්‍රසත්න පත්මනාතන් යන ගුරුවරුන්ගේ මඟ පෙන්වීම ඉමහත් අත්වැලක් වුණා. මේවන විට මා සමඟ අත්වැල් බඳගෙන සිටින ජනක් අමරසේන, නිපුනි පාරිස් යන සහෝදර නිර්මාණකරුවන්ටද ස්තූතිය පළකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.’’

(ගයාන් සූරියආරච්චි)

උපුටා ගැනීම- ලංකාදීප

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...