පාසල් ක්‍රීඩා පුවත්

මාතලේ සහ ගල්කිස්ස තෝමස් විදුහල් සහෝදරයින්ගේ හොකි සංග්‍රාමය දෙවිදුහල්ම සම ශූරතා

2017 ඔක්තෝබර් 10 වැනි අඟහරුවාදා - 64  

මාතලේ සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල අතර වාර්ෂිකව පැවැත්වෙන මෙවර (2017) තෙවන වරටත් පැවැති සහෝදරයන්ගේ සංග්‍රාමය මහා හොකි තරගාවලියේදී සම ශුරතාවය ලබමින් එරික් හුලංගමුව අභියෝගතා පලිහ දිනා ගැනීමට දෙවිදුහල් කණ්ඩායම් සමත්වුහ. මහ තරගයේ දක්ෂතම හොකී ක්‍රීඩකයා ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ රහල් රඹුකේපොත සම්මාන ලැබීය. වයස අවු 20න් පහළ වයස් සීමාව යටතේ පැවති හොකී මහ තරගයේදී මොහොමඩ් සිපාන්  කමලීන් මාතලේ සාන්ත තෝමස් විදුහල් පිලද තිළිණ නිශාක්මින් දෑල ගල්කිස්ස සාන්ත තෝමස් පිලද මෙහෙයවුහ. තරග ආරම්භයේදීම ඇද හැළුණු මහ වැසි තරගය පවත්වාගෙන යාමට බාධාවක් විය. නියමිත කාලය තුලදි දෙපිලම ගෝල වාර්තා නොකල අතර පසුව දෙපිළට සම ශුරතාව ප්‍රදානය කෙරුණි.

නේෂන් ට්‍රස්ට් බැංකුව හා සෙලින්කෝ ඉන්ෂුවරන්ස් අනුග්‍රහයෙන් පසුගියදා මාතලේ එඩ්වඩ් හොකී ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි. මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය ආදි හොකි සංගමය මගින් සංවිධානය කළ මෙම තරගයේදී මහා තරගයට සමගාමීව පැවති වයස අවු 16න් පහළ තරගයද ජය පරාජයකින් තොරව අවසන් වීම නිසා දෙපිළටම සම ශුරතාවය ප්‍රදානය කෙරුණි. මෙහිදි මාතලේ සාන්ත තෝමස් විදුහල් පිල සසිත දිල්ෂාන් දිසානායක විසින්ද ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල දේවින් නේමිත ගුණශිල විසින්ද මෙහෙයවුහ. මෙවර මුල් වරට පැවැති දෙවිදුහල් ආදි තෝමසුවන්ගේ තරගයේදී 1 - 0 ක ජයක් ගල්කිස්ස ආදි තෝමසුවන්ගේ පිලට හිමිවුහ. එස්.එන් ජයසිංහ, ටි.කේ. ජයසුන්දර සහ අජිත් මංජුල යන විනිසුරුවරුන් විසින් මෙම තරග විනිශ්චය කළහ.

තරගාවලියේ ජයසංකේත ප්‍රදානය දෙවිදුහල් කීර්තිමත් ආදි තෝමසුවන් වු මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක, හිටපු තානාපති හා අමාත්‍යංශ ලේකම් පාලිත කොහොන, ජනාධිපති නිතිඥ මොහොන් වීරකෝන් යන මහත්වරු අතින් සිදුවුහ. මේ අවස්ථාවට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල්පති මාර්ක් බිලිමෝරියා පියතුමා සහ මාතලේ සාන්ත තෝමස් විදුහල්පති කේ.ඒ.ජේ. කුලසුරිය, මාතලේ ආදි තෝමසුවන්ගේ හොකි සංගමයේ ලේකම් එරික් හුලංගමුව, උප සභාපති මහින්ද අමුණුගම, තරග අධ්‍යක්ෂ ඉන්ද්‍රවංශ හේරත් යන මහත්වරු ඇතුළු ක්‍රියාකාරින් රැසක් එක්වුහ.

(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...