ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාව 6 වැනි තැනට නගී

2017 ඔක්තෝබර් 11 වැනි බදදා - 8  

පාකිස්තානයට එරෙහිව ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් (දිවා-රාත්‍රී) ලකුණු 68 ක ජයක් අත්කරගැනීමත් සමග ටෙස්ට් ශ්‍රේණිගත කිරීමහි 6 වැනි ස්ථානය දක්වා ඉහළ නැඟීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙවර ක්‍රිකට් සමය ආරම්භයේ (2017 මැයි මාසයේ) සිටම ලකුණු 91 ක් ලබා ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් වීමත් සමග ප්‍රසාද ලකුණු 3 ක් ලබාගනිමින් (94) එහි 6 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.තරගාවලිය ආරම්භ වීමට පෙර ලකුණු 93 ක් ලබා 6 වැනි ස්ථානයේ රැදී සිටි පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයෙන් පසුව ලකුණු 5 ක් අහිමිකරගනිමින් (88) ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.

ලකුණු 125 ක් ලබා සිටින ඉන්දියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණේ සිටී.


ස්ථානය     කණ්ඩායම        ලකුණු

1    ඉන්දියාව    125

2    දකුණු අප්‍රිකාව     111

3    එංගලන්තය    105

4    නවසීලන්තය     97

5     ඕස්ටේ්‍රලියාව    97

6     ශ්‍රී ලංකාව    94

7     පාකිස්තානය    88

8    බ. ඉ. කොදෙව්    75

9     බංග්ලාදේශය     72     

10    සිම්බාබ්වේ     0

(ලංකාදීප ඇසුරිනි)