ක්‍රීඩා පුවත්

පාණ්ඩ්‍යා විවේක ගන්වයි

2017 නොවැම්බර් 10 වැනි සිකුරාදා - 8  

ශ්‍රී ලංකාව හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට නම් කර තිබූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා එයින් ඉවත්ක රන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. තුන් ඉරියව් ක්‍රීඩකයාගේ කාර්යය කළමනාකරණය හේතුවෙන් ඔහුව මෙසේ විවේක ගන්වා ඇත.

පළමු ටෙස්ට් තරග දෙක සඳහා නම් කළ කණ්ඩායමට පාණ්ඩ්‍යා ඇතුළත් විය. නමුත් තේරීම් කමිටුව දැන් ඔහුව ටෙස්ට් තරගාවලියෙන් විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

“පාණ්ඩ්‍යාගේ මෑත කාලීනව කළ කාර්යය  පිළිබඳව අවධානය යොමුකරමින් ඔහුව ආබාධවලින් වළක්වා ගැනීම සඳහා මෙම තීරණය ගත්තා” යැයි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් අමිත් චෞද්‍රී පැවැසීය.

ජුනි 18 එංගන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහ තරගයෙන් පසුව මේ දක්වා ඔහු ටෙස්ට් තරග 3ක්, විස්සයි20 තරග පහක් හා එක්දින තරග 17කට ක්‍රීඩා කර තිබේ. එයට ශ්‍රී ලංකා හා කැරිබියන් තරග සංචාර අයත්වන අතර ඉන්දීය සත්කාරකත්වය දැරූ ඔස්ට්‍රේලියා හා නවසීලන්ත තරගාවලිද මිට අයත්ය.

මුල් තරග දෙක සඳහා ඉන්දීය සංචිතය - විරාත් කෝලි (නායක), ලෝකේෂ් රාහුල්, මුරලි විජේ, ශිකර් දවාන්, චෙටෙස්වාර් පුජාරා, අජන්කේ රහානේ (උපනායක), රෝහිත් ශර්මා, රිද්දිමාන් සහා (කඩුලු රකින්නා), ආර් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදව්, මොහොමඩ් ශාමි, උමේෂ් යාදව්, භුවනේෂ්වර් කුමාර්, ඉශාන්ත් ශර්මා

[caption id="attachment_16084" align="alignleft" width="1024"]India's Hardik Pandya in the nets during a practice session ahead of their ICC Champions Trophy Group B match against Pakistan at Edgbaston in Birmingham, England, Thursday, June 1, 2017. (AP Photo/Rui Vieira)[/caption]