ක්‍රීඩා පුවත්

කොට්ලා පිටියේදී නවකයන්ගේ සංදර්ශනයක්

2017 දෙසැම්බර් 07 වැනි බ්‍රහස්පතින්දා - 9  

ඉන්දීය කණ්ඩායම සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි දිනයේදී ශ්‍රී ලංකාව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම සඳහා සටන් කරන විට ඔවුන්ගේ ප්‍රධානම තුරුම්පු දෙක බවට පත්ව තිබුණේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල්යත ඔවුහු පළමු ඉනිමේදී ශතක රැස්කිරීමට සමත්වූහ.

නමුත් එය එසේ නොවුණි තරුණ ක්‍රීඩකයන් වන ධන්ංජයද සිල්වා, රොෂේන් සිල්වා (74), හා නිරෝෂන් දික්වැල්ල (44) විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් දිල්ලි හි ෆේරොෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගය බදාදා (දෙසැම්බර් 6දා) ජයපරාජයෙන් තොරව නිමා කිරීමට මූලිකත්වය ගත්හ. ඒ අනුව ටෙස්ට් තරගාවලියේ ප්‍රතිඵලය 1-0ක් ලෙස ඉන්දියාව ජයගනිමින් නිමාවට පත්විය.

ශ්‍රී ලංකා පිතිකරණ කඳවුරේ නියමුවා බවට පත් වූ ද සිල්වා ඉන්දීය සුපිරි පන්දු යැවීම හමුවේ පන්දු 219ට ලකුණු 19ක් රැස්කිරීමට සමත්විය. එය ශ්‍රි ලංකා පිතිකරුවෙක් ටෙස්ට් තරගය සිවුවැනි ඉනිමේදී විදේශයකදී වසර 10කට පසුව වාර්තා කළ පළමු ටෙස්ට් ශතකයද වූයේය. කෙසේ වෙතත් දෙවැනි සැසියේදී ඔහු පිටියෙන් ඉවත්වූයේ වේදනාව දරා ගත නොහැකිවය. නමුත් රොෂේන් හා දික්වැල්ල පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවී ගිය ක්‍රීඩකයින් හොඳ කාර්යයක් ඉටුකරමින් ශ්‍රි ලංකාව ආරක්ෂා කළේය.

අවසාන දිනයේදී ශ්‍රී ලංකාව පන්දුවාර 87ක් ක්‍රීඩා කළ අතර අහිමිවූයේ කඩුලු දෙකකි. ඔවුන් දිනය නිමාවන විට ලකුණු 299/5ක් රැස්කරගෙන සිටියේය. යම් හෙයකින් තවත් එක් ලකුණක් රැස්කළේනම් ශ්‍රී ලංකා කණ්ඩායමට වාර්තා අතරට එක්වීමට අවස්ථාව තිබුණේ ඉන්දියාවේ පැවැති ටෙස්ට් තරගයක සිවුවැනි ඉනිමේදී ලකුණු 300ක් රැස්කළ පළමු රට බවට පත්වෙමිනි.

ඉරි තැලීම් තිබුණ විකට්ටුවේ ඉන්දීය දඟ පන්දු යවනන්ට මුහුණදීම පහසු කරුණක් නොවීය. නමුත් සබඳතා හරහා ශ්‍රී ලංකාව එම අභියෝගයට මුහුණ දුන්නේය. ද සිල්වා හා චන්දිමාල් පන්දුවා 33ක් ක්‍රීඩා කළේය. ද සිල්වා හා සිල්වා පන්දුවා 21ක් ක්‍රීඩා කළේ ද සිල්වා පිටියෙන් ඉවත්වීමට පෙරාතුවය. පසුව සිල්වා හා දික්වැල්ල පන්දුවාර 27ක් නොදැවී පන්දුවට පහරදුන්නේය.

35/4ක් තිබූ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේදී ඔවුන් ක්‍රීඩා කළ ආකරය ප්‍රශංසනීයය. පළමු ඉනිමේදී අවස්ථා තුනකදී උඩ පන්දු ගිලිහී යෑමේ වාසනාවත් සමග ක්‍රීඩා කළ මැතිව්ස්ට දෙවැනි ඉනිමේදී එම වාසනාව නොතිබුණි. ජඩේජාගේ පන්දුවක් හමුවේ රහානේ අතට උඩපන්දුවක් ලබාදි ඔහු එක් ලකුණකට දැවී ගියේය.

ජඩේජා විවිධ පන්දු යොමුකරමින් ශ්‍රී ලංකා පිතිකරුවන් දවා ගැනීමට උත්සාහ කළත් ද සිල්වා එයට අවස්ථාව නොදුන්නේය.

ඉෂාන්ත් ෂර්මා බවුන්සර් පන්දු යොමුකරමින් ද සිල්වා දවා ගැනීමට උත්සාහ කළත් එයට හතරේ පහර දෙකකින් පිළිතුරු සැපයීමට ඔහු කටයුතු කළේය. ඔහු මනාව පාද හසුරමින්, ආරක්ෂිත පහරවල් එල්ල කරමින් දඟ පන්දු යවන්නනට හොඳින් මුහුණ දුන්නේය.

ඒ අනුව පළමු ඉනිමේදී ශතකයක් රැස්කළ දිනේෂ් චන්දිමාල් මෙන්ම දෙවැනි ඉනිමේදී ශතයක් රැස්කළ ද සිල්වා ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබේ. ඔවුහු ලකුණ ලකුණ රැස්කරිමින ලකුණු පුවරුව ඉහළ දැම්මේය. එසේම ලැබුණ දුර්වල පන්දුවලට ලකුණු රැස්කිරීමටත් කටයුතු කළේය.

පස්වැනි දිනයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් සිදුවිම වූයේ ජඩේජාගේ පන්දුවක් කෙලින්ම පන්දුවේ වැදී චන්දිමාල් දැවී ගියත් පසුව එය නිපන්දුවක් බවට පත්විය. ඒ වන විට චන්දිමාල් ලකුණු 24ක් රැස්කරගෙන සිටියේය. තෙවැනි විනිසුරු නිල් චෞද්‍රි පිතිකරු නොදැවී ගිය ක්‍රීඩකයෙක් බවට සංඥා කරමින් ඉන්දීය කඳවුරට බලපෑමක් ඇති කළේය.

කෙසේ වෙතත් චන්දිමාල් දවා ගැනීමට ඉන්දියාවට එතරම් කාලයක් බලා සිටීමට අවශ්‍ය නොවීය. දිවා ආහාරයෙන් පසුව චන්දිමාල්ගේ පිට ඉන්න දඩයම් කිරීමට අශ්වින් සමත්විය.

ඒ අනුව ලකුණු 112ක සබඳතාව අවසන් වූ අතර සැසි දෙකක් ඉතිරිව තිබුණත් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් පිටියේ නොවීය. නමුත් නැවත වරක් ද සිල්වා තරගය ඉදිරියට ගෙන ආවේය. මෙවර ඔහු එය සිදු කළේ ජ්‍යේෂඨ  සහායකයෙක් ලෙසිනි. ඒ නවක  ක්‍රීඩක රොෂේන් සිල්වාට අමාරු අවස්ථාවලදී මාර්ගය කියා දෙමිනි.

ද සිල්වා දෙවැනි සැසිය ආරම්භ කළේ හතරේ පහර සමගිනි. ඒ අනුව ඔහු ලකුණු  90 සීමාව පිවිසියේය. ඔහු වේදනාවට පත්ව ඇති බව පෙනුණි. භෞත චිකිත්සකද වරින් වරට පිටියට පිවිසියේය. නමුත් ඔහු අඛණ්ඩව පිතිකරණයේ යෙදිණ.

මොහොමඩ් ෂාමිගේ පන්දුවකට පසුපාදයෙන් ක්‍රීඩා කරමින් පන්දුව තල්ලු කරමින් ඔහු සිය ශතකය සම්පූර්ණ කළේය. ඉන්දීය කණ්ඩායමේ පවා ඔහුට උණුසුම් අත්පොළසන් නාදයක් හිමිවිය.

නමුත් ඔහු කාර්යය කර තිබුණේ අඩකි. ඔහු මුහුණ දෙන හැම පන්දුවකින්ම වේදනාව වැඩිවිය. කෙසේ වෙතත් ඔහු වේගවත් පහරවල් කිහිපයක්ද එල්ල කළේ අශ්වින්ට නැවත පැමිණීමට අවස්ථාවක් නොදෙමෙනි.

එක් අවස්ථාවකදී සිල්වාට ආරක්ෂාකාරී වීම සඳහා හෝ තම පාදය හැසිරවීමට නොහැකිවිය. නමුත් ඔහු තරගය අත් නොහරියේය. කෙසේ වෙතත් තේ පානයට විනාඩි 20 ක් පමණ තිබියදී ඔහු පිටියෙන් ඉවත්විය.

ඉන් අනතුරුව නවක ක්‍රීඩක සිල්වා සිය කාර්යය ආරම්භ කළේය. ද සිල්වාගෙන් ලබාගත් පන්නරයත් සමග සිල්වා දඟ පන්දු යවන්නනට සාර්ථකව මුහුණ දුන්නේය. ජඩේජාට හතරේ පහර දෙකක් එල්ල කරමින් ඔහු සිය අර්ධ ශතකය ලබාගත්තේය.

අනෙක් අන්තයෙන් දික්වැල්ල තම ස්වාභාවික ප්‍රවේගකාරි පිතිහරඹයේ නිරත විය. එය ඉන්දියාවට අවස්ථාවක් දුන්නේය. ඒ ඔහු ලකුණු 32දී ස්ටම්ප් කිරීමට  ලක් කර ගැනිමට සා  තිබූ අවස්ථාවයි. අවාසනාවන්ත පන්දු යවන්නා වූයේ ජඩේජාය.

ඉන් අනතුරුව පැවැති එකම ප්‍රශ්ණය වූයේ සිය පෞද්ගලික ලකුණු ලබා ගැනීම් වෙනුවෙන් යොමුවනදවාද යන්නයි. නමුත් එය සිදු නොවුණි. තරගය සාමාන්‍ය පරිදි අවසන් විය.

නිරෝෂා ප්‍රියදර්ශනී