ලොව වටා

ඇත් දළ වෙළදාම නිසා අප්‍රිකාවේ අලි ගහණය 20 % කින් පහත වැටිලා

2016 සැප්තැම්බර් 29 වැනි බ්‍රහස්පතින්දා - 97  

ඇත් දළ වෙළෙදාම නිසා අප්‍රිකාවේ අලි ගහණය 20% කින් පහත වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අප්‍රිකානු අලින් ගේ මෙම විනාශයට හේතුවී ඇත්තේ අප්‍රිකාවේ පවතින  ඇත් දළ වෙළදාමය.මේ නිසා අප්‍රිකාවේ අලි ගහණය දැඩි තර්ජනයකට මුහුණ පා ඇති අතර මෙම වසරේදී වසර 25 ක් තුළ දක්නට ලැබුණු උපරිම අලි ගහනයේ අඩු වීම ලෙස මෙය වාර්තා වී තිබේ.

පරිසර සංරක්ෂණය පිළිබඳ වනඅන්තර්ජාතික සංගමය (IUCN) මෙම තොරතුරු හෙළි කර ඇත්තේ අප්‍රිකානු මහාද්වීපයේ විවිධ ස්ථානවලින් ගත් ඇස්තමේන්තු 275 කට අනුකූලවය.මෙයට අනුව, අප්‍රිකාවේ මුළු අලි ගහණය මේ වන විට 415,000 ක් පමණ වන අතර පසුගිය දශකය තුළ මෙම ගහණය 111,000 කින් අඩුවී තිබේ. පරිසර සංරක්ෂණය පිළිබඳ වනඅන්තර්ජාතික සංගමයසඳහන් කරන්නේ ලොව පුරා ඇත් දළ වලට ඇති ඉල්ලුම අධික ලෙස වැඩිවීම තුළින් අලි ඇතුන් දඩයම් කිරීම මෙයට මූලික හේතුව වී ඇති  බවය.

“ඇත් දළ සදහා ඇතුන් දඩයම් කිරීම මහා පරිමාණයෙන් සිදුවීම ආරම්භ වුණේ වසර 10 කට පෙරයි. 1970,1980 දශකවලට පසු අප්‍රිකානු අලින් මෙලෙස අඩුවීමට හේතුව වී ඇත්තේ එයයි* සංගමයේ ප්‍රකාශයක සඳහන්වේ. 

එමෙන්ම අලි ඇතුන්ට සුදුසු වාසස්ථාන සීඝ්‍රයෙන් අඩුවීමද මෙයට බලපානා බවද පැවසෙයි. IUCN සංගමයේ ප්‍රධානී පවසන්නේ මෙය කම්පාවට කරුණක් මුත් පුදුමයට කරුණක් නොවන බවයි.

මෙම වාර්තාව එළි දැක්වූයේ අන්තර්ජාතික වනජීවී වෙළදාම පිළිබද වන ලොව විශාලතම සම්මේලනයේදී වන අතර මෙය පසුගියදා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි දී පැවැත්විණි.

මෙහිදී පරිසරවේදීන් හා රාජ්‍ය නිලධාරීන් දහස් ගණනක් දැනට උත්සාහ ගන්නේ තර්ජනයට ලක්වූ විවිධ සත්ව විශේෂයන් සංරක්ෂණය කිරීම සදහා අන්තර්ජාතික වෙළද නියාමනයන් සකස් කිරීමටය.

නීතිවිරෝධී වනසත්ව දඩයම් ඉතා වැඩිවීම හේතුවෙන් දැනට පවතින“තර්ජනයට ලක්වූ විශේෂයන්ට අදාළ අන්තර්ජාතික වෙළදම් පිළිබද වන සම්මුතිය*(Convention onInternationalTrade in Endangered Species (CITES) කෙරෙහිද දැඩි පීඩනයක් එල්ල වීතිබේ. දැනට මේ සදහා අත්සන්කර ඇති රටවල් ගණන 180 ක් පමණ වේ. 

Zimbabwe Ivory Stocks

 

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...