ලොව වටා

ඩිස්නිලන්තයට සටනක්  දෙන්න චීනයේ ඉදිවුණු නව විනෝද උයන

2016 සැප්තැම්බර් 30 වැනි සිකුරාදා - 123  

 

චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැළකෙන දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නියුතු වැන්ග් ජියන්ලිං තම දෙවැනි විනෝද උයන පසුගියදා ආරම්භ කළේය. ලොව ප්‍රකටම විනෝද උයන් ජාලය ලෙස සැලකෙන ඩිස්නිලන්තයට සටනක් දීම ඔහුගේ මූලික අරමුණ වී තිබේ.  චීනයේෂැංහයි පළාතේ ඩිස්නිලන්තයක් ද ඉදිකෙරෙමින් පවතී. ඒ අනුව වසර 10 ත් 20 ත් අතර කාලයකදී චීනය තුළ ඩිස්නිලන්තයට ආදායම් උපයා ගැනීමේ අවස්ථාවන් අහිමි කිරීම තම අරමුණ බව වැන්ග් සඳහන් කරයි.

මෙම නව විනෝද උයන චීනයේ අන්හුයි ප්‍රාන්තයේ හෙෆෙයිහි පිහිටා තිබේ. ඒ සඳහා වැයවී ඇති මුදල චීන යුවාන් බිලියන 34 ක් හෙවත්ඇමෙරිකානු ඩොලර් බිලියන 5.2 ක්වැය වී තිබේ.  පසුගියදා විවෘත කෙරුණු එම විනෝද උයනේ පළමු අදියරවේ. මේ සඳහා හෝටල් සංකීර්ණයක්, චිත්‍රපට මධ්‍යස්ථානයක් හා සාප්පු සංකීර්ණයක්ද ඇතුළත් ව පවතී. මෙහි බිම් ප්‍රමාණය හෙක්ටෙයාර 160 කි. තරු හයේ හෝටලයක්, තරු පහේ හෝටලයක් හා තවත් හෝටල් පහක් එහි පිහිටා තිබේ. අදාළ හෝටල් සියල්ලෙහි ඇති කාමර සංඛ්‍යාව 3500 කි.

චීන මාධ්‍යට අනුව මෙම උයනට දිනකට සංචාරකයන් 100,000 ක් පමණ එනු ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් මෙම නව උයන ෂැංහයි ඩිස්නිලන්තයෙන් කිලෝ මීටර් 500 ක් ඈතින් පිහිටන අතර උයන් දෙක අතර හොඳ තරගයක් ඇතිවීමට මෙම දුර බාධාවක් නොවන බවද පැවසෙයි. එක් අයෙකුට මෙම උයනට ඇතුළු වීම සදහා යුවාන් 218 ක් එනම් ස්ටර්ලින් පවුම් 25.18ක් ගෙවිය යුතුය. පවුලක් සඳහා ටිකට් පතක් යුවාන් 308 ක් එනම් ස්ටර්ලින් පවුම් 35.57 කි.

ලෝකයේ සිටින ධනවත්ම චීන ජාතිකයා ලෙස සැළකෙන වැන්ග් 1988 දී වැන්ඩා සමාගම පිහිටවා ඇත්තේ ස්ටර්ලින් පවුම් 80,000 කිනි.

A (1) A (2) A (3) A (4) A (5) A (6) A (7) A (8) A (9)

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...