පුවත්

එංගලන්ත රජ පවුලට තවත් ඔටුන්න හිමි කුමරෙක්

2018 අප්‍රේල් 24 වැනි අඟහරුවාදා - 111  

කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට් කුමරිය සහ ආදිපාදවරයා වන විලියම් කුමරුට දාව මෙළොව එළිය දුටු රාජකීය පුත් කුමරා ඊයේ සවස (24දා) රෝහලෙන් නික්ම ගියේය.

මෙම පුත්කුමරා කේට් කුමරියගේ හා විලියම් කුමරුගේ තෙවැනි දරුවා විය. දරු ප්‍රසූතිය ඊයේ උදෑසන 6.00ට රෝහල්ගත කළ කේට්, ඉන් පැය 5ක් ගතවන විට පුත් කුමරා බිහි කළාය.

පුත් කුමරාට යොදන නම ඉදිරියේදී කෙන්සිංග්ටන් මාලිගය විසින් දැනුම් දීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී