පුවත්

උතුරු කොරියා නායකයා පළමුවරට දකුණු කොරියාවට

2018 අප්‍රේල් 27 වැනි සිකුරාදා - 43  

1953 වසරේදී කොරියා යුද්ධය අවසන් වීමෙන් පසුව දකුණු කොරියාවට පැමිණි පළමු උතුරු කෙරියා නායකයා බවට කිම් ජොන්ග් - උන් පත්විය.

ඒ උතුරු හා දකුණු කොරියා සාකච්ඡා සඳහා යුධ මුක්ත කලාපයට කම් ජොන්ග් - උන් පැමිණීමත් සමගිනි.

දකුණු කොරියානු ජනපති මූන් ජායේ-ඉන් උතුරු කොරියානු නායකයා මහත් හරසරින් පිළිගත්තේය.

පසුව නායකයන් දෙපළ අතර සාකච්ඡා ආරම්භ විය. උතුරු කොරියාව න්‍යෂ්ඨික අවි වැඩසටහනින් ඉවත්වන බවට ප්‍රකාශ කිරීමත් සමග දෙරට අතර මෙම සාම සාකච්ඡා සඳහා මාර්ගය උදාවිණ.

උතුරු කොරියාව හා දකුණු කොරියාව වෙන් කරන දේශසීමා ආසන්නයේදී නායකයන් දෙපළ අතර හමුව සිදුවූ අතර උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු නායකයාව තම දේශසීමාව වෙත කැඳවාගෙන ගියේය. මෙය අනපෙක්ෂිත් තත්ත්වයක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඓතිහාසික අවස්ථාව දකැණු කොරියානු මාධ්‍ය සජීවීව විකාශය කරන දකුණු කොරියානු ජනතාව ජයඝෝෂා නැංවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිරෝෂා ප්‍රියදර්ශනී