පුවත්

ලංකාවේ පැරණිතම මෙගලිතික සුසානය හමුවේ

2016 ඔක්තෝබර් 03 වැනි සඳුදා - 275  

අදින් වසර 2800 කට පෙර මෙරට විධිමත් ආදාහන ක්‍රමයක් පැවති බවට සාක්ෂි හමුව තිබේ.

රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අංශයේ අංශාධිපති ආචාර්ය තුසිත මෙන්ඩිස් මහතා ඇතුළු පිරිසක් කහටගස්දිගිලිය කොක්එඹේ වනාන්තර ප්‍රදේශයක සිදු කළ කැණීම්වලදී මෙම සුසානය හමුවී තිබේ.

කහටගස්දිලිය කොක්එඹේ වනාන්තර ප්‍රදේශයේ සුසාන සංකීර්ණයක් හඳුනාගෙන ඉන් තෝරා ගත් සුසාන තුනක කැණීම් ආරම්භ කර තිබිණි.එහිදී මෙගලිතික යුගයට අයත් ප්‍රාග් ඓතිහාසික සාධක රැසක් සොයා ගත හැකිව ඇත.එම කැණීම්වලදී වර්ග 04 කට අයත් ස්මාරක 215 ක් හමුවූ බවද ආචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය තුසිත මෙන්ඩිස් මහතා,

කාලරක්ත වර්ණ මැටි මෙවලම්, වීදුරු පබලු, කානිලියන් පබලු වගේ දේවල් අපිට සොයා ගත හැකි වුණා.ඉතාමත්ම වැදගත් කාරණය තමයි නිල් සහ කොළ පැහැති වීදුරු කැබලිවලින් කර තිබෙන පබලු 90 කට වැඩි ප්‍රමාණයක් මෙම සුසානවල කැණීම්වලදී හමුවූ භරනී තුළ තිබී හමුවී තිබෙනවා.එම වීදුරු පබලුවලින් අපිට පැහැදිලි වෙනවා ක්‍රිස්තු පූර්ව 800 වගේ කාලසීමාවකදී මධ්‍ය යාන් ඔය ප්‍රදේශයේ සිටි මිනිස්සු පබලු නිෂ්පාදනය කිරීමේ තාක්ෂණික ක්‍රියාවලිය කරන්න දැනගෙන හිටියා කියන එකයි.ඒ වගේම ඉතාමත් හොඳ සංස්කෘතික ලක්ෂණයන්ගෙන් පොහොසත් පිරිසක් මෙම අනුරාධපුරයේ ජීවත් වුණා කියන එක පැහැදිලියි.මේක විජය කථා පුවතට එහා යන ශ්‍රී ලංකික ජනතාවගේ අනන්‍යතාව පිළිබිඹු කරන සංස්කෘතික ප්‍රවාහයක් කියන එක කියන්න පුළුවන්* යැයි පැවසීය.

විශාල ගල්පුවරු හතරක් සිරස් ලෙස තබා සකසන මංජුසාවක් මැද මිනිය තබා තවත් ගල් කුට්ටියකින් වැසීම, දිග ගල් පුවරු සිරස් අතට තබා තැනූ සුසාන ක්‍රමයක්, කේතුවක් ආකාරයේ ගල්ගොඩැලි සුසාන ක්‍රමයක්, භස්මාවශේෂ තැන්පත් කර ශිලා මංජුසා වටකර ශිලා මණ්ඩලයක් සැකසීමේ ක්‍රමය, මැටි බඳුන්වල අවශේෂ කොටස් තැන්පත් කරන ක්‍රමයක් හා ගල් ඇඳක ආකාරයට තැනූ සුසාන ක්‍රමයක් ආදී ආකෘති ආචාර්ය තුසිත මෙන්ඩිස් එහිදී හඳුනාගෙන තිබේ.

මෙයින් ආකෘති රැසක් ඉතා දුර්ලභ ගණයේ සොයාගැනීම් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙහිදී ලබා ගත් සාම්පල කාල නිර්ණය සඳහා යොමුකර ඇති අතර එම වාර්තාවට අනුව මෙම සොහොන් වසර 2800 කට පෙර සකස් කරනු ලැබූ ඒවා බව සනාථ වී ඇති බවත්, ඒ අනුව මෙම සුසාන සංකීර්ණය මෙරටින් හමුවූ පැරණිතම මෙගලිතික සුසානය බවද ආචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

    q (6) q (13) q (27) q (28) q (29) q (30)

 

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...