ලොව වටා

වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය ජපානයට

2016 ඔක්තෝබර් 03 වැනි සඳුදා - 118  

ddodවෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට ජපානයේ යොෂිනෝරි ඔහ්සුමි සමත්විය. 

සෛල කොටස් ප්‍රතිචක්‍රීකරණය කිරීම හා කැබලි වලට කැඩීමේ ක්‍රියාවලි සොයාගැනීම වෙනුවෙන් ඔහුට වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් හිමි නොබෙල් ත්‍යාගය පිරිනැමීමට තීරණය කළ බව නොබෙල් වෛද්‍ය කමිටුව අද (3දා) නිවේදනය කළේය. නොබෙල් ත්‍යාගය ඩයිනමයිට් ලොවට හඳුන්වා දුන් ඇල්ෆ්‍රඩ් නොබෙල් පිහිටුවා ගත් නොබෙල් පදනම මගින් නොබෙල් ත්‍යාගය පිරිනමණු ලැබේ. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සාමය, කායික විද්‍යාව හෝ වෛද්‍ය, සාහිත්‍ය අංශවලින් මානව වර්ගයාගේ ශුභ සිද්දිය උදෙසා කැපවූවන් වෙත ත්‍යාග මාලාවක් වාර්ෂිකව පිරිනැමේ.

කවුද මේ ඇල්ෆ්‍රඩ් නොබෙල්

AlfredNobel_adjusted (1)ඇල්ෆ්‍රඩ් නොබෙල් 1833 ඔක්තෝබර් 21 දින ස්වීඩනයේ ස්ටොක් හෝල්ම නුවරදී ඉංජිනේරු පවුලක උපත ලබන ලදී. රසායනඥයෙක්, ඉංජිනේරුවෙක්ද වූ ඔහු නව නිමැවුම්කරුවෙක්ද විය. 1884 දී බොෆෝර්ස් යකඩ සහ වානේ කම්හලක් මිලදීගත් නොබෙල් ප්‍රධාන යුද්ධෝපකරණ නිෂ්පාදකයෙකු බවට පත්විය. බැලිස්ටයිට් (ballistite) සොයාගැනීමේ පුරෝගාමියා වන්නේ නොබෙල්ය.

ඔහු කෝඩයිට් පේටන්ට් අයිතිය උල්ලංගනය කිරීම පිලිබඳ නඩුවක් සඳහාද සම්බන්ධ විය. නොබෙල් සිය ජීවිත කාලය පුරාම මහත් ධනයක් එක් රැස් කළේය. ඔහුගේ ධනයෙන් විශාල ප්‍රමාණයක් උපයනු ලැබුවේ ඩයිනමයිට් ප්‍රධාන වූ ඔහුගේ නව නිර්මාණ 355නි.

1888දී ඇල්ෆ්‍රඩ් "මරණයේ වෙලෙන්දා මිය යයි" යන හිසින් ප්‍රංශ පුවත්පතක පළවූ ඔහුගේම මරණ දැන්වීම දැක පුදුමයට පත්විය. මියගොස් තිබුනේ ඔහුගේ සහෝදරයා වූ ලුඩ්විග් (Ludvig) වූ හෙයින් එය වසර 8කට පෙර සිදුකෙරුනු පූර්ව මරණ දැන්වීමක් විය. එම ලිපිය නොබෙල්ව කලබලයට පත්කල අතර මරණයෙන් පසුව ඔහුව මිනිසුන්ගේ සිත්හි රැඳෙන ආකාරය පිලිබඳව බියට පත්විය.මෙය ඔහුගේ අන්තිම කැමති පත්‍රය වෙනස් කිරීමට ඔහුව පෙලඹවීය. ඇල්ෆ්‍රඩ් නොබෙල් 1896 වසරේ දෙසැම්බර් 10වනදා ඉතාලියේ සැන් රෙමෝ හි ඔහුගේ නිවසේදී මස්තිෂ්ක රක්තපාතයෙන් මරණයට පත්විය. එවිට ඔහුගේ වයස අවු:63 කි.

 

දින පොත
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...