culture

රවීන්ද්‍ර ආරියරත්නගේ ‘‘බල්ලොත් එක්ක බෑ - 2’’ තැන් තුනකදී වේදීකාගත කෙරේ

2018 ජූලි 23 වැනි සඳුදා - 41  

මෑත කාලයේ අතිශ්‍යයින් ජනාදරයට පාත‍්‍රව රට වටා වේදිකාගත වූ ‘‘බල්ලොත් එක්ක බෑ’’ වේදිකා නාට්‍යය ඔබ වෙත ගෙනා රවීන්ද්‍ර ආරියරත්න විසින් බහුතර පේ‍්‍රක්‍ෂක ඉල්ලීම් පරිදි කාලීන අවශ්‍යතා අනුව රචනා කළ නවතම ප‍්‍රහසනාත්මක වේදිකා නාට්‍යය වන ‘‘බල්ලොත් එක්ක බෑ-2’’ හී විශේෂ දර්ශනවාර දෙකක් 2018 අගෝස්තු මස 4 වන සෙනසුරාදා සවස 3.30 ට සහ 6.45 ට බොරැල්ල වයි. එම්. බී. ඒ. රඟහලේදී ද 2018 අගෝස්තු මස 5 වන ඉරිදා සවස 2.30 ට සහ 6.30 ට මාතර බෞද්ධ විද්‍යාලයීය රංගශාලාවේදී ද 2018 අගෝස්තු මස 12 වන ඉරිදා සවස 3.30 ට සහ 6.45 ට මීගමුව රුක්මණී දේවි රඟහලේදී ද වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත. ගිහාන් ප‍්‍රනාන්දු, කුමාර තිරිමාදුර, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, චින්තක පීරිස්, සුසංග කහඳවල ආරච්චි, රවීන්ද්‍ර ආරියරත්න රංගනයෙන් දායකවන ‘‘බල්ලොත් එක්ක බෑ - 2’’ හී සංගීතය මෙහෙයවීම ප‍්‍රවීණ සංගීතඥ ඇන්තනි සුරේන්ද්‍ර විසින් සිදුකරන අතර රංග වස්ත‍්‍ර නිර්මාණය ගිහාන් ප‍්‍රනාන්දුගෙනි. වේශ නිරූපනයෙන් වසන්ත විට්ටච්චි, වේදිකා පසුතල නිර්මාණයෙන් ලූවලින් වැන්ඩවෝල්, ආලෝකකරණයෙන් හා ශබ්ද පරිපාලනයෙන් මිහි`දු මධුසංක දායකත්වය සපයන අතර වේදිකා පරිපාලනය සුමේධ ප‍්‍රසන්නගෙනි ‘‘බල්ලොත් එක්ක බෑ - 2’’ නිෂ්පාදක ජූඞ් ශී‍්‍රමාල්ය.

Ravindra Ariyarathne's “Balloth Ekka Baa - 2” at Colombo, Mathara & Negombo
 

Ravindra Ariyarathne, director of the popular comedy play "Balloth ekka baa" is back with his newest hilarious stage play Balloth ekka baa 2. The sequel was wrien on popular demand of audience who adored the original play due to its high sare that focuses on a parcular group. will stage it's two special shows on Saturday 04th August 2018 at 3.30 p.m & 6.45 pm at Borella YMBA Theater., Sunday 05th August 2018 at 2.30 p.m & 6.45 pm at Matara Buddhist College Theater. & Sunday 12th August 2018 at 3.30 p.m & 6.45 pm at Negombo Rukmani Devi Theater. with popular artist such as Gihan Fernando, Kumara Thirimadura, Chamila Pieris, Sarath Karunarathne, Chinthaka Pieris and Susanga Kahandawala Arachchi in performance. Anthoney Surendra and Llwellyn Vanderwall will add more to the play with their music composion and background creaons while stage management by Sumedha Prasanna and costume designs by Gihan Fernando. Makeup by Wasantha Viachchi.
Balloth ekka baa 2 Produced Jude Srimal.

දින පොත