ලොව වටා

යෝධ ඩයිනෝසර් පා සළකුණක් ගෝබි කාන්තාරයෙන්

2016 ඔක්තෝබර් 06 වැනි බ්‍රහස්පතින්දා - 156  

ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති විශාලතම ඩයිනෝසර් පා සළකුණ ගෝබි කාන්තාරයෙන් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිගින් සෙන්ටිමීටර් 106 ක් හා පළලින් සෙන්ටිමීටර 77ක් වන පා සළකුණ ටයිටැනසෝරස් වර්ගයේ සතෙකුට අයත් යැයි විශ්වාස කරන බව පර්යේෂකයෝ පවසති.

වසර මිලියන 70ත් 80ත් අතර යුගයේ පස් තට්ටුවක තිබී මෙම පා සළකුණ සොයාගෙන ඇති අතර වෙනත් ඩයිනෝසර විශේෂ වලට අයත් සතුන්ගේ පා සළකුණු තුනක් ද මෙම භූමියෙන් හමු වී ඇත.  මොංගෝලියා විද්‍යා ආයතනයේ සහයෝගය ඇතිව ඔකයාමා සරසවියේ පාෂාණිභූත විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ශිනොබු ඉෂිගාකි මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සොයාගැනීම සිදුකර ඇත.

ඩයිනොසරයන්ගේ සමාජ චර්යාවන් හා ඇවිදීමේ රටාවන් සම්බන්ධව අධ්‍යයනය කිරීමට මෙය බොහෝ සෙයින් වැදගත් වන බව මහාචාර්ය ශිනොබු පවසයි. (  සිරංගිකා ලොකුකරවිට-ලංකාදීප)

Photograph: AFP/Getty Images​

imrs

දින පොත
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...