ක්‍රීඩා පුවත්

ආසියානු දැල් පන්දු ශූරතාව ශ්‍රී ලංකාව දිනයි

2018 සැප්තැම්බර් 10 වැනි සඳුදා - 23  

ආසියානු දැල් පන්දු ශූරතා තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් විය. සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමඟ  පැවති අවසන් මහා තරඟයේදී සිංගප්පූරු ක්‍රීඩිකාවන් පරදා ලකුණු 69 ට 50 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අපරාජිත කණ්ඩායම ලෙස ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම විශේෂත්වයයි. 2019 වසරේ එංගලන්තයේ ලිවර්පූල් හි රටවල් 16 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන 2019 නෙට්බෝල් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවද ජයග්‍රහණය කරන හොඳම කණ්ඩායම් දෙකට හිමි වෙයි.

(රජයේ නිලපුවත් සේවය)