ලොව වටා

වින්සන්ට් වැන්ගෝ

2018 ඔක්තෝබර් 30 වැනි අඟහරුවාදා - 102  

ක්‍රි. ව 1853 දී ඕලන්දයේ උපත ලැබූ වින්සන්ට් වැන්ගෝ පශ්චාත් උපස්ථිතිවාදී චිත්‍ර ශිල්පියෙකි. පශ්චාත් උපස්ථිතිවාදය යනු, වස්තුවක් මතට වැටෙන ආලෝකය පරාවර්තනය වෙමින් එමඟින් නිපදවෙන වර්ණවත් ඡායාව වෙනත් වස්තුවක් මතට වැටීමෙන් එම වස්තුවේද වර්ණය වෙනස් වන බව දැක්වීමයි. කුඩා කල සිටම චිත්‍ර ශිල්පයට මහත් ඇල්මක් දැක්වූ මේ ශිල්පියාගේ එකම අපේක්ෂාව වූයේ චිත්‍රය තුළින් රසිකයා වෙත විවෘතව සත්‍ය ප්‍රකාශ කිරීමයි. චිත්‍ර කලාව පිළිබඳ කිසිම ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් නොලද වැන්ගෝ ශිල්පය ප්‍රගුණ කළේ ස්වෝත්සාහයෙනි. 
යථාර්ථය
සමාජයේ පවතින්නා වූ යථාර්ථය නිතරම වැන්ගෝගේ ඇස ගැටුණි. එනිසා ඔහුගේ බොහෝ නිර්මාණ සඳහා තේමා වූයේ සාමාන්‍ය ජන ජීවිතයේ යථාර්ථයයි. අර්තාපල් බුදින්නෝ, හිරගෙදර ආලින්දය, රාත්‍රී අවන්හල, ආර්ලස්හි පාලම, සූරියකාන්ත මල්, තරැ පිරි රුය, ලා මෝස්මී, රතු මිදි වත්ත, වී වපුරන්නා, කකුළුවන් දෙදෙනා, තිරිඟු යාය මතින් ඉගිළෙන කපුටෝ, සයිප්‍රස් ගස්, තිරිඟු යාය මැදින් ඉගිළෙන ලාක් පක්ෂියා හා සිය පිළිරැව වැන්ගෝගේ අගනා නිර්මාණ වේ.
දුප්පත් කම්කරැවන් පිරිසක් රාත්‍රී ආහාරය සඳහා අර්තාපල් ආහාරයට ගන්නා හැඟුම්බර අවස්ථාවක් අර්තාපල් බුදින්නෝ නැමැති සිතුවමින් නිරෑපණය කරයි. අවන්හලක් තුළ පවතින විනෝදාත්මක පරිසරය වෙනුවට සියලු දෙනා ඉවත්ව ගිය පසු එහි ඇති වන හිස් බව වැන්ගෝගේ රාත්‍රී අවන්හල සිතුවමට වස්තුවිෂය වී ඇත. වැන්ගෝ සමාජය දුටුවේ වෙනස්ම පැතිකඩකින් බව මෙම සිතුවම අධ්‍යයනයේදී පෙනී යයි. 
සිරගෙදර ආලින්දය නම් වූ චිත්‍රයෙන් මානුෂික හැඟීම් කදිමට නිරෑපණය කර ඇත. සිත්තරා මෙම සිතුවම් තුළින් යම් කිසි අදහසක් ගැඹුරින් ප්‍රකාශ කිරීමට උත්සාහ දරා ඇත. සිතුවම් තුළ ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ අඳුරැ වර්ණ මාලාවක් භාවිත කිරීමයි.

වැන්ගෝගේ ජීවිතයේ අවසාන කාලය ඉතා දුක්බර වූවකි. වැන්ගෝ මිය ගියද ඔහු ලොවට ඉතිරි කළ අසාමාන්‍ය වූ නිරිමාණයන් ඔහුගේ මතකයන් සදාකල් මතකයේ රඳවයි.
උපේක්ෂා මුණවීර   

දින පොත