පුවත්

කොරියානු භාෂා විභාගයෙන් 3514 ක් සමත්

2016 ඔක්තෝබර් 13 වැනි බ්‍රහස්පතින්දා - 42  

Flag_of_South_Korea

ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සහයෙන් අධීක්ෂණයෙන් ඇගයුම් මත ලකුණු දීමේ ක‍්‍රමවේදය යටතේ පැවැත්වුණු පළමු කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයෙන් අපේක්‍ෂකයින් 3514 දෙනෙකු සමත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. මේ අතරින් නිෂ්පාදන අංශයේ රැකියා 20187ක් ද ධීවර අංශයේ රැකියා සඳහා අපේක්‍ෂකයින් 3118 දෙනෙකු ඉදිරිපත් වූහ. 

ඉහළ ලකුණු ලබා ගත් අයදුම්කරුවන්ගේ නාමලේඛනය කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් ප‍්‍රකාශයට පත්කර තිබේ. විභාගය කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය හා  ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව පවත්වන ලදී.  සමත් වූවන්ගේ නාම ලේඛනය, ලබාගත් ලකුණු ප‍්‍රමාණය, නිපුණතා පරීක්ෂණ දිනය හා වේලාව කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. දකුණු කොරියාවේ ශී‍්‍ර ලාංකිකයින් 26,000ක්  ශ‍්‍රමිකයන් ලෙස සේවය කරති.

දින පොත
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...