ස්ථාන

මුතියංගණ රජමහා විහාරය

2018 නොවැම්බර් 20 වැනි අඟහරුවාදා - 178  

බදුල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ විහාරගොඩ ග්‍රාමයේ මෙම විහාරය  පිහිටා  ඇත. කොළඹ - බණ්ඩාරවෙල මාර්ගයේ හෝ මහනුවර නුවරඑළිය මාර්ගයේ බදුල්ල නගරයේ සිට මඩකලපුව  මාර්ගයේ මඳ දුරක් යන විට මාර්ගයෙන් දකුණු පසට වන්නට මෙම විහාරය හමුවේ.


නමුණුකුලට අධිපති 
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වස වෙසක් මස පුන් පොහෝදා පන්සීයක් මහරහතන් වහන්සේලා සමගින් කැලණි පුරයට වැඩම කළ අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දක දෙවියන්ගේ ආරාධනාව මත මෙම පුණ්‍ය භූමියට වැඩම කර ඇත. එහිදී  බුදුරජාණන් වහන්සේ මුතියංගන මහ සෑ රදුන් පිහිටි බිමෙහි මොහොතක් සමවත් සුවයෙන් වැඩසිටිමින් දහම් දෙසූ සේක.
ඉන්දක දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේගේ වැඩම වීම සිහිපත් වීම වස් පූජනීය වූ යමක් අයැද සිටි තැන බුදුරජාණන් වහන්සේ මුක්තක ධාතූන් සහ කේශ ධාතූන් ලබා දුන් සේක. එම ධාතූන් වහන්සේලා නිදන් කොට ඉන්දක දෙවියන් මුල්ම වතාවට මුතියංගන මහසෑ රදුන් ඉදි කරන්නට විය. මින් අනතුරැව ලක්දිව රජ පැමිණි සියලු රජවරැන්ගේ රාජ්‍ය අනුග්‍රහය ලැබ දීප්තිමත් වූ මුතියංගන රජමහා විහාරස්ථානය සියලු ලක්වාසීන්ගේ ජය භූමිය විය.

මුත්තක ධාතුව
මුතියංගණය වූ කලී වන්දනීය සොළොස්මස්ථාන අතුරින් එක් ස්ථානයකි. ජනප්‍රවාදයට අනුව මුතු බවට පත් වූ බුදුරදුන්ගේ ඩා බිඳු හෙවත් මුත්තක ධාතුව මෙහි තැන්පත් කොට ඇත. බුද්ධඝෝෂ හිමියන්ගේ සමන්ත පාසාදිකා අටුවාවට අනුව බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පොහෝ දින ලංකාවට වැඩම කළ තෙවන ගමනේදී බුදු රජාණන් වහන්සේ මෙම ස්ථානයට වැඩම කොට තිබේ. මජ්ඣිම නිකායට අයත් අටුවා ග්‍රන්ථයක මලියදේව රහතන් වහන්සේ විසින් මෙම ස්ථානයේ චරක්ත නම් සූත්‍රය දේශනා කොට ඇත. එමෙන්ම දෙවන පෑතිස් රජු විසින් මෙහි දෙතිස්ඵල බෝධියක් රෝපණය කළ ස්තූපය විශාල කොට සාදවන ලද බවට ද විශ්වාසයක් පවතී.
පෙතිකඩ
මෙම භූමියේ ඇති අංග අතුරින් විහාර ප්‍රවේශ තොරණ, ස්තූපය, විහාර මන්දිරය, අෂ්ටඵල බෝධිඝරය ප්‍රධාන වේ. සමාධිගත බුද්ධ රෑපයක් දෙපස මොනර රෑප දෙකක් සහිත ප්‍රවේශ තොරණ සුවිශේෂි නිර්මාණයකි. මේ හැරැණු විට ගල් පුවරැ, පැරණි ගල්කණු සහ වෙස්සන්තර ජාතකය පිළිබඳ පිළිබිඹු කෙරෙන පැරණි පෙතිකඩ සිතුවමක් මෙහි වේ. මෙම පෙතිකඩ සිතුවම පෙරහරකින් නමුණුකුල කන්දට රුගෙන යාමෙන් වර්ෂාව ලැබෙන බව විශ්වාස කෙරේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇති මෙම ස්ථානය 1979 පූජා භූමියක් ලෙස නම්කොට තිබේ.

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...