culture

මෝගල් සිතුවම් කලාව

2018 දෙසැම්බර් 09 වැනි ඉරිදා - 81  

මෞර්ය ගුප්ත අධිරාජ්‍යය  බිඳ වැටීමත් සමගම මුස්ලිම්වරැන් විසින් ඉන්දියාව ආක්‍රමණය කරනු ලැබීය. එයින් පසු  ඉන්දියාවේ සාම්ප්‍රදායික චිත්‍ර කලාව වෙනත් මගකගට යොමුවිණි . ඉස්ලාම් දර්ශනයට අනුව කිසිදු ජීවමාන පුද්ගලයෙකු සිතුවමට නැඟීම තහනම් විය.

එසේ වුවත් පසුකාලීන ව ඉස්ලාම් භක්තික මෝගල්වරැන් හා පර්සියානුවන් අතර ඇති වූ සබඳතා මත ඉන්දීය සිතුවම් කලාව, පර්සියානු ලක්ෂණ මුසු ව නිර්මාණය විය. ඉස්ලාම් ධර්මය හා සම්බන්ධ ආගමික තේමාවන් වෙනුවට ඔවුහු ලෞකික තේමාවන් මුල් කර ගනිමින් සිතුවම් අඳින්නට වූහ. මෝගල්වරැන් විසින් භාරතයට හඳුන්වා දෙන ලද මෙම සිතුවම් සම්ප්‍රදාය භාරතීය ශිල්පීන් විසින් භාරතීය ලක්ෂණ ද මුසු කොට සංකීර්ණ වූ  සිතුවම් සම්ප්‍රදායක් බිහි කරන ලදි. මෙය “ඉන්දු පර්සියානු චිත්‍ර සම්ප්‍රදාය” හෙවත් “මෝගල් චිත්‍ර සම්ප්‍රදාය” ලෙස හඳුන්වනු ලබයි.
පර්සියානු චිත්‍ර කලාවට ළැදි වූ “හුමායුන්” නම් ප්‍රථම මෝගල් අධිරාජයා, මෙම  චිත්‍ර කලාවේ පුරෝගාමියා විය. පර්සියාවේ සිට පැමිණෙන විට ඔහු විසින් “අබ්දුල් සමාද්” හා “මීර් අලි සෙයියදු” යන ශිල්පීහු කැඳවාගෙන එන ලදහ. හුමායුන් රාජ්‍ය සමයේ දී රචනා වූ ග්‍රන්ථයක් වන “දස්තන් - ඉ - අමීර් - හම්සා”හි සිතුවම් නිර්මාණය කිරීම මෙම ශිල්පීන් විසින් සිදු කරන ලද බව කියැවෙයි.
මෙලෙස ඉන්දියාව තුළ මෝගල් සම්ප්‍රදාය ස්ථාපිත වුව ද, එහි වඩාත් වර්ධනයක් සිදු වූයේ අක්බර් රජු සමයේ දී ය. උස්තාද් මන්සූර්, අමීර් කුෂ්රම්, අබ්දුල් හසන් වැනි ශිල්පීන් ද, බසවන්ත්ලාල්, මුකුන්දු, ජගන්නාථ, හරිබත් වැනි භාරතීය ශිල්පීන් ද තාත්වික මානව රෑප ඇඳීමේ දක්ෂයෝ වූහ.
ජේත්පූර්හි සිතුවම් ඇඳි මොවුන් බිත්ති මතුපිට, සිතුවම්වල කටු සටහන් ඇඳ, කොටස්වලට බෙදා වර්ණ ගැන්වීම සිදු කර ඇත. “දස්තන් - ඉ - අමීර් - හම්සා” නම් ග්‍රන්ථයට අනුව චිත්‍රණය කළ “හම්සා නාම” නම් සිතුවම් පෙළ මෙයට නිදසුනකි.
කාලයත් සමග දියුණු වූ මෙම සිතුවම් ස්වාභාවිකත්වයෙන්, විචිත්‍ර වර්ණයෙන් මෙන් ම කල්පිත සිදුවීම්වලින් ද අනූන විය. ජෙහන්ගීර් රාජ්‍ය අවධියේ දී සිතුවම්වල පර්සියානු ලක්ෂණ හීන වී භාරතීය කලා ලක්ෂණ වර්ධනය විය. මෙම අවධිය මෝගල් සිතුවම් කලාවේ ස්වර්ණමය අවධිය විය. මෙම මෝගල් සිතුවම් අතර; “අක්බර් නාම (අක්බර් අවධිය), ලේනුන් පිරි හේනේ ගස (ජෙහන්ගීර් අවධිය), ජෙහන්ගීර් සිතුවම (ජෙහන්ගීර් අවධිය), සා ජහාන් (සා ජහාන් අවධිය), කුපිත වූ අලියෙකු මෙල්ල කිරීම, මුව දඩයම වැනි සිතුවම් රාශියක් ම නිර්මාණය විය.
මෙම නව්‍ය චිත්‍ර කලාව හැදෑරීම මගින් නූතන විද්‍යාර්ථීන් හට වෙනස් ම ආරක සිතුවම් සම්ප්‍රදායක අත්දැකීම් හිමිකර ගන්නට වර්තමානයේ නිව්යෝර්ක්හි මෙට්‍රොපොලිටන් කෞතුකාගාරය මගින් පහසුකම් සලසා තිබේ.  

දින පොත
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...
  • CITES අන්තර් ජාතික සම්මුතිය වෙනුවෙන් පවත්වන සොබාදම් මව උදෙසා චිත්‍ර තරගය 2019 මැයි සහ ජුනි මාසයෙන්හි පැවැත්වීමට නියමිත තර්ජනයට ලක්වී ඇති වන සතුන් හා ශාක විශේෂවල අන්තර් ජාතික වෙළ හෙළදාම (CITES) පිළිබඳ (සයිටීස් සම්මුතිය)සම්මුතියේ අදාල පාර්ශවකරුවන්ගේ 18 වන සමුළුවට (CoP 18) සුදානමක් වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පාරිසරික අධ්‍යන අංශය විසින් මෙහෙවනු ලබන පාසල් සිසු සිසුවියන්ට විවෘත සිතුවම් තරගය Read more...