පුවත්

වස විසෙන් තොර ආහාර රටාවක් උදෙසා මග කියන Sri Lankan Food Festival

2016 ඔක්තෝබර් 16 වැනි ඉරිදා - 164  

කෘෂිකර්ම අමාත්‍යාංයේ දීප ව්‍යාප්ත ගොවි සතියට සමගාමීව ජාතික ආහාර ප්‍ර‍වර්ධන මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන “Sri Lankan Food Festival” ආහාර ප්‍ර‍දර්ශනය සහ ගොවි නිපැයුම් වෙළඳපොළ  ප්‍රදර්ශනය කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ දී සහ ග්‍රීන් පාත් හිදී අවසන් විය. වස විසෙන් තොර ආහාර හා ඒ අශ්‍රිත සියලු නිෂ්පාදන ප්‍රදර්ශනයට තබා තිබිණි. සියලු වස විසෙන් තොර නිෂ්පාදන පාරිභොගිකයන් වෙත ඉක්මනින් සැපයීමට හා පහසුවෙන් ලබා ගැනීමට අවැසි කටයුතු මින් ඉදිරියට සැලසුම් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අහාර ප්‍රවර්ධන මණ්ඩලය කියයි. මින් ඉදිරියටත් මෙවැනි දැන්වත් කිරීම් අකණ්ඩව පැවැත්වීමට ද සැලසුම් කර තිබෙන බව ඔවුන් කීය.

ප්‍ර‍දර්ශනයේ දී  දේශීය ආහාර ප්‍ර‍දර්ශන, සුපිරි හෝටල්, ආහාර පිළිබඳ විශේෂ සම්මන්ත්‍ර‍ණ, අධ්‍යාපනික වැඩසටහන්, විනෝද කලාප, සංගීත සංදර්ශන ඇතුළු විශේෂ අවස්ථා රැසකට සහභාගීවීමට අවස්ථාව සලසා තිබිණ. වස විසෙන් තොර ආහාර භාවිතය පිළිබඳ ජනතාවගේ උනන්දු කැපී පෙනෙන ලක්ෂණයක් වූ අතර දේශිය සහල් සහ එවැනි නිෂ්පාදන වලට වැඩි ඉල්ලුමක් තිබෙනු දක්නට හැකි විය. එක්ව සිතමු යන තේමාවෙන් ප්‍රදර්ශනය පැවැත්විණ.දේශීය සහල් වර්ග රැසක්ම අලෙවි වූ බවත් පහසුවෙන් මේවා ලබා ගැනීමට අවකාස සලසන ලෙස තමන්ගෙන් ඉල්ලීම් කළ බව අලෙවි කරුවන් සඳහන් කළේය.

20161015_134400 20161015_134440 20161015_134445 20161015_134728 20161015_134915 20161015_135431 20161015_140820 20161015_140827 20161015_212214

 

 

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...