පාසල් පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලයීය චෙස් තරගාවලිය - වයස 16න් පහළ බාලක ශූරතාව කුරැණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණට

2019 ජනවාරි 21 වැනි සඳුදා - 18  

මෙවර ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය චෙස් තරගාවලියේ වයස 16න් පහළ බාලක ශූරතාව කුරැණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න විසින් දිනා ගන්නා ලදී .
මේ වසරේම ඇල්බේනියාවේ පැවති ලෝක පාසල් චෙස්  තරගාවලියේදී වයස 15න් පහළ අනුශුරතාවද, 14 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී වයස 15න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කරමින් රිදී පදක්‌කම් දෙකක් ද දිනාගැනීමට සමත්විය. ඔහු  2014 වසරේදී බ්‍රසීලයේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේදී වයස 11න් පහළ රන් පදක්කමද දිනාගෙන ඇත .
  ( කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත )

 

දින පොත