පාසල් පුවත්

ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව පෝස්කාඩ් චිත්‍ර තරගාවලිය - නාවල ජනාධිපති විදුහලේ ජයග්‍රාහිකාවන්ට සහතික ප්‍රදානය කෙරෙයි

2019 පෙබරවාරි 05 වැනි අඟහරුවාදා - 17  

ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය මගින් පවත්වනු ලැබූ ජාත්‍යන්තර පෝස්කාඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රහණය ලැබූ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයීය සිසු දැරියන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය විද්‍යාල භූමියේ ද පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට චීන ශ්‍රී ලංකා සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මෙම වැඩසටහනේ සංවිධායක චීන නියෝජිත ඉෂූ, විදුහල්පතිනි නයනා වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු රුසක් සහභාගි වූහ.
මෙම තරගාවලියේ දී සමස්ත රන් පදක්කම් 54 ක් ද, රිදී පදක්කම් 83 ක් ද, ලෝකඩ පදක්කම් 29 ක් ද විද්‍යාලයීය සිසු සිසුවියෝ ජයග්‍රහණය කළහ.


(රුෂිරු තරංග)

දින පොත