පාසල් පුවත්

සමස්ත ලංකා පාසල් බාලක බාලිකා චෙස් තරගාවලිය

2019 පෙබරවාරි 22 වැනි සිකුරාදා - 47  

සමස්ත ලංකා පාසල් බාලක බාලිකා කණ්ඩායම්  චෙස් තරගාවලියේදී දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ ඩි.එස්.සේනානායක විද්‍යාලයේ දිනෙත් නාඔටුන්නද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර මහමායා විද්‍යාලයේ ජනන්දනී අබේසිංහ ද ජයග්‍රහණය කළහ.
මේ තරගාවලියේදී කොළඹ  රාජකීය ,  කුරැණෑගල මලියදේව, කොළඹ විශාකා ,මහනුවර මහමායා යන විද්‍යාල හතර  පැවති තරග ඉසව් හතරේ  ශුරතාව බැගින් බෙදා ගැනුණි.
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කොට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී මෙම ඇගැයීම පැවැත්වුණි. වයස 20න් පහළ හා 17න් පහළ බාලක,බාලිකා කණ්ඩායම් හැටනවයක් අතර පැවති  චෙස් තරගාවලියේදී වයස 20න් පහළ බාලක ශුරතාව කොළඹ රාජකීය විද්‍යාලය විසින්ද එම වයස් කාණ්ඩයේ බාලිකා ශුරතාව මහනුවර මහමායා බාලිකා විද්‍යාලය විසින්ද වයස 17න් පහළ බාලක ශුරතාව කුරැණෑගල මලියදේව විද්‍යාලය විසින්ද එම වයස් කාණ්ඩයේ බාලිකා ශුරතාව කොළඹ විශාකා විද්‍යාලය විසින්ද දිනා ගන්නා ලදී .
වයස 20න් පහළ බාලක කණ්ඩායම් චෙස් තරගාවලියට දිවයිනේ පාසල් දහඅටක කණ්ඩායම්  සහභාගි වූ අතර ශුරතාව කොළඹ රාජකීය විද්‍යාලයටද අනුශූරතාව කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලයටද තෙවැනි ස්ථානය කුරැණෑගල මලියදේව විද්‍යාලයටද හිමි විය. එම වයස් කාණ්ඩයේ බාලිකා තරගාවලියේ ශූරතාව  දිනා ගැනීමට  මහනුවර මහමායා විද්‍යාලය සමත්විය. එහි අනුශූරතාව ගාල්ල සංඝමිත්තා විද්‍යාලය විසින්ද තෙවැනි ස්ථානය කුරැණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින්ද දිනා ගන්නා ලදී .
වයස 17න් පහළ බාලක කණ්ඩායම් තරගාවලියට පාසල් විසිදෙකක කණ්ඩායම් සහභාගිවූ අතර කුරැණෑගල මලියදේව විද්‍යාලය ශුරතාව දිනා ගත්තේය. තරගාවලියේ අනුශුරතාව කොළඹ ආනන්ද විද්‍යාලය විසින්ද තෙවැනි ස්ථානය කොළඹ ඩි. එස් සේනානායක විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී .එම වයස් කාණ්ඩයේ බාලිකා තරගාවලියට පාසල් පහළවක කණ්ඩායම් සහභාගිවූ අතර ඒ අතරින් කොළඹ විශාකා විද්‍යාලය ශුරතාවත්  මහනුවර උසස් බාලිකා විද්‍යාලය අනුශුරතාවත්  ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය තෙවැනි ස්ථානයත් දිනා ගෙන ඇත.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය ධර්මාශෝක විදුහල්පති හසිත කේෂර වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දකුණු පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ ක්‍රිෂාන් දුමින්ද, ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ ලේකම් ඉන්දික ජයවර්ධන ,අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප ක්‍රීඩා අධ්‍යක්ෂක දිමුතු අබේරත්න යන මහත්වරැන්ගේ සහභාගීත්වයෙන් ද ධර්මාශෝක විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.


 ( කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත )

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...