ක්‍රීඩා පුවත්

පුහුණු තරගයේ ජය ලංකාවට

2019 මාර්තු 01 වැනි සිකුරාදා - 22  

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම අතර පැවැති පුහුණු එක්දින තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. .

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඔවුන් පන්දුවාර 48කදී සියලු දෙනා දැවී ලකුණු 304ක් රැස්කිරීමට සමත්විය. ආරම්භක පිතිකරු ආර්. වෑන් ටොන්ඩර් පන්දු 156කදී ලකුණු 164ක් රැස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් නායක ලසිත් මාලිංග පන්දුවාර 7කදී ලකුණු 35ට කඩුලු පහක් දවා ගැනීමට සමත්විය.

ලකුණු 305ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 307ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.

අවිශ්ක ප්‍රනාන්දු (72), ඕෂධ ප්‍රනාන්දු (63) අර්ධ ශතක රැස්කිරීමට සමත්වූ අතර උපුල් තරංග, මෙන්ඩිස් කමිඳු මෙන්ඩිස් හා ඇන්ජලෝ පෙරේරාද ලකුණු අතරට පැමිණියහ.

දෙරට අතර පැවැත්වෙන  තරග පහකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය අනිද්දා ආරම්භ වීමට නියමිතය.

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...