පාසල් පුවත්

සමස්ත ලංකා පාසල් බාලිකා දැල්පන්දු තරගාවලිය - 2018

2019 අප්‍රේල් 18 වැනි බ්‍රහස්පතින්දා - 16  

අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා ඒකකය මගින් පැවැති 2018 සමස්ත ලංකා පාසල් බාලිකා දැල්පන්දු තරගාවලියේ වයස 16 න් පහළ ශූරතාව කුරැණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින්ද, 18 න් පහළ ශූරතාව කොළඹ විශාඛා බාලිකා විද්‍යාලය විසින් ද, 20 න් පහළ ශූරතාව කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය විසින් ද දිනා ගනු ලැබීය.
වයස 16 න් පහළ අනුශූරතාව කුරැණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයද, 18 න් පහළ අනුශූරතාව කොළඹ7 කාන්තා විද්‍යාලය ද, 20 න් පහළ අනුශූරතාව කොළඹ 5 විශාඛා විද්‍යාලය ද දිනා ගැනීමට සමත් විය.
මෙම තරගාවලියේ වයස 16 න් පහළ තෙවැනි ස්ථානය කොළඹ 7 මියුසියස් විද්‍යාලයටත්, 18 න් පහළ තෙවැනි ස්ථානය මහනුවර හිල්වුඩ් විද්‍යාලයටත්, 20 න් පහළ තෙවැනි ස්ථානය එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයටත් හිමිවිය.
20 න් පහළ ශූරතාව දිනා ගත් කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාම කණ්ඩායමේ ටී.ඉෂානි මධුෂිකා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තෝරා ගැනුණි.
16 න් පහළ ශූරතාව දිනා ගත් කුරැණෑගල මලියදේව බාලිකා විද්‍යාලයීය කණ්ඩායමට සඳලි රෂ්මිකා ඒකනායක ද, 18 න් පහළ ශූරතාව දිනා ගත් කොළඹ විශාකා විද්‍යාලයේ කණ්ඩායමට කේ, ඩී. සිතාරා සෙව්මිණි ද, 20 න් පහළ ශූරතාව දිනා ගත් කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාම කණ්ඩායමට එස්. ඈන් දුමාෂා  පෙරේරා ද නායකත්වය දුන්හ.  
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා පිළිබඳ විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන්       ආරම්භ කෙරැණ මෙම තරගාවලිය තෙදිනක් පුරා  හික්කඩුව ශ්‍රී සුමංගල ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
දිවයිනේ පළාත් නමයෙහිම පැවති පාසල් දැල් පන්දු තරගාවලියන්ගෙන් පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන දිනා ගැනීමට සමත්වූ වයස 16 න්, 18 න් හා 20 න් පහළ කණ්ඩායම් අසූ එකක් මෙහිදී තරග බිමට පිවිස සිටියහ.
තරගාවලියේ අවසන් දින ප්‍රධාන ආරාධිත අමුත්තා වූ දකුණු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අතින් ජය සංකේත ප්‍රදානය සිදු වූ අතර දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූයේය. දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) ආර්.ඇම්. ක්‍රීෂාන් දුමින්ද මහතා විසින් සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.


 (හික්කඩුව විශේෂ අමරසේන විතානගේ , ගෝනාපීනුවල දයා සිරිල් ධම්මික)

දින පොත
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...
  • CITES අන්තර් ජාතික සම්මුතිය වෙනුවෙන් පවත්වන සොබාදම් මව උදෙසා චිත්‍ර තරගය 2019 මැයි සහ ජුනි මාසයෙන්හි පැවැත්වීමට නියමිත තර්ජනයට ලක්වී ඇති වන සතුන් හා ශාක විශේෂවල අන්තර් ජාතික වෙළ හෙළදාම (CITES) පිළිබඳ (සයිටීස් සම්මුතිය)සම්මුතියේ අදාල පාර්ශවකරුවන්ගේ 18 වන සමුළුවට (CoP 18) සුදානමක් වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පාරිසරික අධ්‍යන අංශය විසින් මෙහෙවනු ලබන පාසල් සිසු සිසුවියන්ට විවෘත සිතුවම් තරගය Read more...