ස්ථාන

හෝර්ටන්තැන්න

2019 අප්‍රේල් 18 වැනි බ්‍රහස්පතින්දා - 122  

මේ එළඹී තිබෙන්නේ දෙසැම්බර් පාසල් නිවාඩු සමයයි. මේ නිවාඩු සමයේ චාරිකා කිරීමට සුදුසු ස්ථානයක් පිළිබඳවයි. ඒ හොර්ටන් තැන්නයි. 
ගමන් මඟ 
නුවරඑළිය - බදුල්ල මාර්ගය ඔස්සේ පට්ටිපොළ හෝ ඔහිය දුම්රිය ස්ථානයට ගොස් එතැන් පටන් කිලෝමීටර 14 ක් පමණ ගිය විට හෝර්ටන් තැන්න හමු වෙයි.  
ජාතික වනෝද්‍යානයක්
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයකි. ජාතික වනෝද්‍යානයක අරමුණ වන්නේ ජීවීන්ට සම්පූර්ණ ආරක්ෂාව සපයමින් හා පැමිණෙන්නන්ට ස්වාභාවික පරිසර පද්ධතිය ද නැරඹීමට හා අධ්‍යයන කිරීමට ඉඩ සැලැස්වීමයි. හෝර්ටන් තැන්න ඉහළ කඳුකර වර්ෂා වනාන්තරයක් වේ. එය ඉහළ කඳුකර තෙත් සදාහරිත වෘක්ෂලතා හා තෙත් පතන යන දෙවර්ගයේම සම්මිශ්‍රණයකි. ශ්‍රී ලංකාවේ සමස්ත වන භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 32 ක් හෝර්ටන් තැන්නට අයත් වේ. මෙම ජාතික වනෝද්‍යානය අනෙකුත් වනෝද්‍යාන මෙන්ම විවිධ භෞතික හා පාරිසරික අංගයන්ගෙන් යුක්ත වෙයි.ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය ද මෙයයි. 
පිහිටීම 
මධ්‍යම පළාතට අයත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. එසේ වුවද සබරගමු පළාතට අයත් රත්නපුර දිස්ත්‍රික්කයටද ඌව පළාතට අයත් බදුල්ල දිස්ත්‍රික්කයටද මෙය මායිම් වේ. මුහුදු මට්ටමේ සිට අඩි 7000 ක් පමණ උසකින්  වනෝද්‍යානය පිහිටා ඇත.
ජනප්‍රවාද 
ජනප්‍රවාද වලට අනුව හෝර්ටන්තැන්නේ ඉතිහාසය ලංකාවේ රජකළ රාවණා රජුගේ රාජ්‍ය කාලය දක්වා ඈතකට දිව යයි. රාවණා රජු ඉන්දියාවේ සිට සීතා දේවිය පැහැරගෙන පැමිණි විට රජු ඔහුගේ දඬුමොනර යන්ත්‍රය නවතා ඇත්තේ මේ වනෝද්‍යානය ආශ්‍රිත කඳුගැටයක් මත බව ජනයාගේ විශ්වාසයයි. අද එම කඳු ගැටය එනමින් තොටුපොළ කන්ද ලෙස ව්‍යවහාර කරයි. රජු සීතා දේවිය සඟවා තැබූ සීතාඑළිය පිහිටා තිබෙන්නේද වනෝද්‍යානය ආශ්‍රිතවය.
පාරිසරික විවිධත්වය 
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ සොබා දහමින් නිර්මාණය වූ අංග රාශ්‍රියකි.රටේ ප්‍රධාන ගංගා කිහිපයකටම ජලය සපයන ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් ලෙසද ප්‍රසිද්ධියක් උසුන්නේ හොර්ටන් තැන්නයි. යෝධ මීවන හා මහරත්මල් යන ශාක හෝර්ටන් තැන්නේ බහුලව දක්නට ලැබෙයි. තැන්නට ආව්ණික තෘණ විශේෂයන්ගෙන් යැපෙමින් දිවි ගෙවනා ගෝනුන්ද සුලබ දසුනකි. 

දින පොත