පරිසරය

පැරණි අපේ මුතු මිත්තෝ කාලගුණේ දැනගත් හැටි

2016 ඔක්තෝබර් 22 වැනි සෙනසුරාදා - 800  

අපේ පැරණියන්ගේ දිවිය සොබා දහම සමග දැඩි ලෙස බැඳි තිබුණි. ඔවුහු සොබා දහමට අනුව දිවි පෙවෙත ගොඩනගා ගැනීමට යොමු වූහ. ඔවුන්ට සොබා දහමේ වෙනස්කම් ගැන මනාව වටහා ගැනිමේ හැකි කමක් තිබුණි. එය සොබා දහම සමග වූ දැඩි සබැඳියාව හේතුකොටගෙන ඔවුන් ලද හුරැකමකි. සුළං හමන රටාව අනුව අපේ පැරණියන් කාලගුණ තත්ත්වය අවබෝධ කරගත් ආකාරය ගැන විමසා බලමු.

පොළොව පැළෙන සුළං

අධික ඉඩෝර කාලයේද ඉතා වියළි සුළඟ ශීඝ්‍රයෙන් හමා යන විට පොළොව පුපුරා ඉරිතලයි. එහෙයින් අපේ පැරණියෝ එම සුළඟ පොළොව පැළෙන සුළඟ යනුවෙන් හැඳින්වූහ. එය වළං පැළෙන සුළඟ යනුවෙන් ද ව්‍යවහාර වුණි. පොළොව පැළෙන සුළං ඇති වන්නේ ඉඩෝරය ඉදිරියටත්  පවතින බව ඇඟවීමට යැයි පැරණියෝ අදහස් කළහ.

කොළ සුළඟ

ඉඩෝර කාලය උදාවී ඇති බව හඳුනා ගැනීමට උපකාරී වූ තවත් සුළං විශේෂයකි කොළ සුළං. තුරු මුදුන් අතරින් හමා එන එම සුළඟට ගස්වල කොළ ගලිහි බිමට වැටේ. කොළ සුළඟ හැමීම ආරම්භ වී දින කිහිපයක් ඇතුළත බොහෝ ගස්වල කොළ කහ පැහැයට හැරේ. පසුව ඒවා සුළඟට හසුවී ගිලිහි යයි. සාමාන්‍යයෙන් කොළ සුළඟ පවතින්නේ දවස්  කීපයකි.

ගහගෙන යන සුළඟ

වියලි කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව දැන ගැනීමට පෙර නමිත්තකි. ගහගෙන යන සුළඟ, එම සුළඟින් බිම ඇති කොළ රොඩු සියල්ල ගහගෙන යන බැවින් එ නමින් හඳුනවයි.  ගහගෙන යන සුළඟ හමන්නේ එක් දිශාවකටය. එසේම එය පොළොව මට්ටමේදී ඉතා වේගයෙන් හමා යයි. ගහගෙන යන සුළං ඇති වූ විට ගමට ගහගෙන යන සුළං බෝ වෙලා යැයි ගැමියෝ කියති.

හූ කියන සුළඟ

ඉඩෝරය ඉතා දැඩිව පවතින විට කඩින් කඩ වේගයෙන් හමා යන සුළං විශේෂයක් පවතී. පැරණියෝ එම සුළඟට හූ කියන සුළඟ යැයි කීහ. එයට හේතුව එම සුළඟ හමන විට හූ ශබ්දයක් ඇතිවිමයි. වෙල, කමත, වැව ආදී ගස් රහිත ස්ථානවලදී එම හූ ශබ්දය පැහැදිලිව ඇසේ. හූ කියන සුළං හැමීම වියළි කාලගුණය තවදුරටත් පවතින බවට පෙර නිමත්තක් බව පැරණියෝ දැන සිටියෝය.

වැලි සුළඟ

ඉඩෝර සමයේදී වැලිකැට එක තැන කැරකි ක්ෂණයකින්  සුළියක් මෙන් ඉහළට ගසාගෙන යන සේ සුළං හමයි. පැරණියෝ එයට වැලි සුළඟ යැයි කියූහ. වැලි සුළං බහුලව ඇතිවන්නේ වියළි කාලගුණය තව දුරටත් පවතින විටදී බව ඔවුහු අත්දැකීමෙන් දැන සිටියහ.

හීල් සුළඟ

සිසිල් දිය බිඳිති සහිත සුළඟ අපේ පැරණියන් හැඳින්වූයේ හීල් සුළඟ කියාය. ඇතැම්විට එය ඇල් සුළඟ කියාය. ඇතැම්විට එය අපේ සුළඟ කියාද  හැඳින්විණි. හීල් සුළඟ ඇඟ දැවටෙන වට එහ සිසිලස නිසා සිරැරෙහි හිරිගඩු මතුවේ. එ බැවින් පැරණියෝ එම සුළඟට හිරිගඩු සුළං යැයි ද කියූහ. හීල් සුළඟ හමන විට වැසි ඇති වන බව ඔවුන් දැන සිටියේ අත්දැකීමෙන් ලැබූ අවබෝධයෙනි. හීල් සුළඟට වැස්ස සැර සාරයි යනුවෙන් කියමනක් ද එකල පැවැතුණි. හීල් සුළඟ හමා එන්නේ වැසි සහිත ප්‍රදේශවල ජල අඩංගු අංශු රුගෙනය. ඒ නිසා හීල් සුළඟ හමා එන දිශාව අනුව වැසි වසින ප්‍රදේශ හඳුනාගත හැකි විය.

වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න- විජය සෑම අඟහරුවාදාම නිකුත්වේ

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...