පුවත්

අකිහිතෝ අධිරාජ්‍යයා කිරුළ හැර යයි

2019 අප්‍රේල් 30 වැනි අඟහරුවාදා - 113  

 තමා රජකිරුළ අතහැරීමට සූදානම් බව ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා (85) ටොකියෝ නගරයේ දී ප්‍රකාශකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  මහජනයා අමතමින් අධිරාජ්‍යයා ලෙස අවසන් වතාවට මේ බව පවසා ඇත. වසර 200ක පමණ ඉතිහාසයේ ජපන් අධිරාජ්‍යයෙකු ස්වේච්ඡාවෙන් කිරුළ හැර යන ප්‍රථම අවස්ථාව මෙය බව පැවසේ.
 අයහපත් සෞඛ්‍ය තත්ත්වය හා වයස්ගත බව හේතුවෙන් මෙම තීරණය ගත්බව අකිහිතෝ අධිරාජ්‍යයා ප්‍රකාශ කර ඇත. ජපානයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් නරුහිතෝ කුමරු මීළඟ රජු ලෙස එළඹෙන බදාදා දිනයේ කිරුළු පළඳින බව ජපන් බලධාරීහු පවසති. නරුහිතෝ කුමරු ජපානයේ 126 වැනි අධිරාජ්‍යයා වේ.
ජපානයේ අධිරාජ්‍යයාට කිසිදු දේශපාලනික බලයක් නොමැති අතර ඔහු ආගමික නායකයෙකු ලෙස පෙනී සිටියි.(BBC)

දින පොත
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...