පුවත්

‘වනරෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහනට යුද හමුදා සහය

2016 ඔක්තෝබර් 24 වැනි සඳුදා - 60  

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදුන්වාදුන් ‘වනරෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ ‘රණවිරු හරිත අරණ’ යනුවෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද වැඩසටහනේ ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන පසුගිය දා පනාගොඩ යුද හමුදා ජනපදයේ දී ආරම්භ වූ අතර, එහිදී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. 

‍දිවයින පුරා ව්‍යාප්ත වු යුද හමුදා පැළ සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ පැළ 20640 ක් රෝපණය කිරීමට සැලසුම් කර ඇත. එහිදී තේක්ක, මී පැළ, පිහිඹියා, මහෝගනී, කුඹුක්, කොස්, කළුවර, හොර, ඇහැළ, මිල්ල, තිඹිරි, කොහොඹ, සියඹලා, නා, රඹුටන්, දොඹ, දූරියං, මාර, නැදුන්, කෝපි ආදී ශාඛ රෝපණය කිරීමට නියමිතය.  මෙම ව්‍යාපෘතිය සියලු ම ආරක්ෂක සේනා මූලස්ථාන ආශ්‍රිතව ඔක්තෝම්බර් මස 21 සිට 31 දක්වා යුද හමුදා භට පිරිස්වල දායකත්වයෙන් සිදු කිරීමට නියමිතය.

ඡායාරූප- යුද හමුදා මාධ්‍ය ඒකකය

a_wana_1 rukropa_1 rukropa_2 rukropa_3 rukropa_2-ft

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...