විද්‍යා

ආලෝකයෙන් 5 ජී තාක්‍ෂණයට

2016 ඔක්තෝබර් 25 වැනි අඟහරුවාදා - 400  

ශ්‍රී ලංකා සන්නිවේදන ක්ෂේත‍්‍රයට දැවැන්ත අඩිතාලමක් දමමින් අලෝක කදම්භ හරහා අධිවේගී දත්ත සන්නිවේදන පද්ධතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කර තිබේ.

නුදුරු අනාගතයේදී හඳුන්වාදීමට නියමිත 5 ජී තාක්‍ෂණය සඳහා දත්ත හුවමාරු කරගැනීමට අනගි සන්නිවේදන පද්ධතියක් ලෙස මෙය උපකාර කර ගත හැකිය. රේඩියෝ තරංග මගින් දත්ත සම්පේ‍්‍රෂණයේ දී සීමිත සංඛ්‍යාත පරාසය නිසා අධිකව දත්ත සන්නිවේදන ධාරිතාව ඉහළ දැමීමට සිදුවී තිබේ. එම ගැටලූව සඳහා ලෝකයේ බොහෝ රටවල් දෘෂ්‍ය ආලෝක කදම්භ උපයෝගී කරගෙන 5 ජී තාක්‍ෂණය සඳහා අත්හදා බැලීම් සිදුකරමින් පවතී.

විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අවසර වසර ඉගෙනුම ලබන කපිල පාලිතරත්න, ධම්මික සමරසිංහ සහ ලක්‍ෂිත විජයරත්න යන සිසුහු මෙය නිර්මාණය කළහ. ආචාර්ය හිමාල් සුරවීර, ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද යන මහත්වරු ඒ වෙනුවෙන් ඔවුනට මඟ පෙන්වූහ.

‘මෙම ආලෝක කිරණ හරහා දත්ත සම්පේ‍්‍රෂණය කිරීම ලංකාවේ සන්නිවේදන ක්ෂේත‍්‍රයේ නව පෙරැළියක් කියන්න පුළුවන්. මෙහිදී සිදුවෙන්නේ ආලෝක විමෝචක දියෝඩ අධි සංඛ්‍යාතයෙන් දැල්වීම හා නිවීම නිසා දත්ත සම්පේ‍්‍රෂණයවීමයි. ඡායා දියෝඩ මගින් ආලෝක සංඥා ලබාගෙන විශේෂිත පරිපථයක් ආධාරයෙන් දත්ත වෙන්කර ගැනීම සිදුකරනවා. අප නිර්මාණය කළ මෙම පද්ධතිය බහු ආදන බහු ප‍්‍රතිදාන (එම්.අයි.එම්.216ඕ) තාක්‍ෂණයෙන් යුක්ත වෙනවා.  ඒ සඳහා විශේෂිත දෘෂ්‍ය කාචයක් භාවිත කළා. එය ස්වයංක‍්‍රීයව සීරුමාරු වෙනවා. ඒ තුළින් වඩාත් ඉහළ කාර්යක්‍ෂමතාවකින් දත්ත සම්පේ‍්‍රෂණය සිදුවෙනවා.

ආලෝක මූලධර්ම සහ සන්නිවේදන මූලධර්ම භාවිත කරමින් හඳුන්වාදුන් මෙම තාක්‍ෂණයේදී ස්වයංක‍්‍රීය සීරුමාරු කාචය මගින් ආලෝක ධාරා වෙන් කිරීමෙන් එකම කාමරයක් තුළ වුවද දත්ත සම්පේ‍්‍රෂණ කීපයක් එකවර අපහසුවකින් තොරව සිදුකළ හැකිවීම මෙහි විශේෂත්වයයි. බාහිර ආලෝකයන්ගෙන් ඇති බලපෑම අවමවීම මෙහි තවත් සුවිශේෂත්වයකි.

දත්ත ඉහළ වේගයක් ලබාගත හැකිවීම, සුරක්‍ෂිත දත්ත සන්නවේදන, වෙනත් විද්‍යුත් චුම්භක තරංගවලින් ඇති බලපෑම අඩුවීම සහ පවතින ආලෝක විමෝචන දියෝඩ පද්ධතියම භාවිත කළ හැකිවීම මෙහි ඇති වාසි ලෙස හදුන්වන්න පුළුවන්.

pera1මෙම පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීම තුළින් ගෘහස්ථ පරිසරයක් තුළ අධිවේගී අන්තර්ජාලයට පිවිසීමට මෙය යොදාගන්න පුළුවන්. එසේම දැනටමත් පර්යේෂණ මට්ටමේ පවතින උපාංග අන්තර්ජාලකරණය සඳහා අවශ්‍ය අධිවේගී දත්ත සම්පේ‍්‍රෂණයට මෙම නිර්මාණය ඉතා වැදගත් වෙනවා.’’ යැයි නිර්මාණකරුවෝ පවසති.

(ගයාන් සූරියආරච්චි-ලංකාදීප)

දින පොත
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...