පාසල් පුවත්

ඉඹුල්ගොඩ විහාරමහා දේවී විදුහලේ සිසු ඇගයීම් උලෙළ දා

2019 මැයි 31 වැනි සිකුරාදා - 8  

බප/ගම් ඉඹුල්ගොඩ විහාරමහා දේවී කනිටු විද්‍යාලයේ 2018 වර්ෂයේ සිසු ඇගයීමේ උලෙළ එම විද්‍යාලයේ දී ඉකුත් දා පැවැත්විණි. බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූහ.
විවිධ අංශවලින් කුසලතා දැක්වූ සිසු සිසුවියන් හැම දෙනෙකුටම මෙහිදී ත්‍යාග හා සහතික  පත්‍ර ප්‍රදානය කෙරිණි. 2017 වර්ෂයේ හොඳම ශිෂ්‍යයා ලෙස සචිඳු පැතුම් ගෝවින්න හා හොඳම ශිෂ්‍යාව ලෙස හිමාෂි නෙත්මිණි මෙහිදී පිදුම් ලැබූහ.
සිසු සිසුවියන් රුසකගෙන් නර්තන උලෙළ හැඩ ගැන්වුණි. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් අතිරේක අධ්‍යක්ෂණ අධ්‍යක්ෂක විමල් ගුණරත්න, ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියන්ති නානායක්කාර හා ගම්පහ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජයන්ත මුදන්නායක යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
මෙහිදී පාසල් සිසු දරැවන් 59 දෙනෙකුට ත්‍යාග හා සහතික පත්‍ර ලබාදුන් අතර විහාරමහා දේවී කනිටු විදුහල්පති සුජාතා රණසිංහ මහත්මිය ඇතුළු ගුරැ මණ්ඩලය විසින් මෙම සිසු ඇගයීමේ උලෙළ සංවිධානය කරන ලදී.


 (වැලිවේරිය තිලක් නිමලසූරිය)

දින පොත
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...