පාසල් පුවත්

ගම්පහ අන්තර් පාසල් දැනුම මිනුම අභියෝගතා තරගාවලිය

2019 ජූලි 08 වැනි සඳුදා - 15  

විශිෂ්ට පාසලක් නිපුණ සිසු පරපුරක් යන තේමාව යටතේ දොම්පේ මාළිඳ ලින්ක් නැචුරල් ප්‍රඩක්ට් ආයතනය ක්‍රියාත්මක කරන අන්තර් පාසල් දැනුම මිනුම අභියෝගතා 2018 තරගාවලියේ දී ලකුණු 152ක් ලබාගත් දොම්පේ දේවි බාලිකා විද්‍යාලය ජ්‍යෙෂ්ඨ අංශයේ ශූරතාව හිමිකර ගැනීමට සමත් විය.
දොම්පේ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 08 ක සහභාගීත්වයෙන් පාළුගම සණස ශාලාවේදී පැවති මෙම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ අනුශූරතාව ලකුණු 141ක් ලබාගත් දෙකටන පද්මාවතී මධ්‍ය විද්‍යාලයට හිමිවිය. තරගාවලියේ කනිෂ්ඨ අංශයේ ශූරතාව ලකුණු 100ක් ලබාගත් ගිරිදර ශ්‍රී බෝධි විද්‍යාලයට ද  අනුශූරතාව ලකුණු 95ක් ලබාගත් දොම්පේ දේවි බාලිකා විද්‍යාලයටද හිමිවිය.
මෙම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ හොඳම තරගකරැ ලෙස දේවි බාලිකා විදුහලේ ඩබ්ලිව්.පී.සී.ජයරත්න සිසුවියද, කනිෂ්ඨ අංශයේ හොඳම තරගකරැ ලෙස එම විදුහලේ කේ.එච්.එම්.ලියත්මා හේවාවසම් සිසුවියද තිළිණ ලැබූහ.
ගම්පහ අධ්‍යාපන කලාපයේ හිටපු ගණිත විෂය අධ්‍යක්ෂක විජයදාස හේවාපතිරණ , ගම්පහ ප්‍රාථමික අංශ ගුරැ උපදේශක එම්.ඒ.එස්.මිටිපොළ ආරච්චි යන මහත්වරැන් ප්‍රමුඛ විනිසුරැ මඩුල්ලක් තරග විනිශ්චය කළහ.සහතික හා තිළිණ ප්‍රදානය කිරීම ලින්ක් නැචුරල් ප්‍රඩක්ට් ආයතනයේ කළමනාකරැ ප්‍රියන්ත කොලොන්නගේ , අපනයන සංවර්ධන කළමනාකරැ තක්ෂිල ගමගේ, සහකාර කළමනාකරැ චතුර ජීවන්ත හා ළහිරැ රන්දික යන අයගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.


(කිරිදිවැල - උපාලි රණවීර)

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...