ලොව වටා

චීන ජනපති ඉන්දීය සංචාරයකට සැරසෙයි

2019 ඔක්තෝබර් 08 වැනි අඟහරුවාදා - 34  

චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා නුදුරේදීම ඉන්දියාවේ සංචාරයක යෙදෙන බව ජ්‍යෙෂ්ඨ ඉන්දීය නිලධාරියෙක් අද (7) පැවැසීය.

චීන ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරත නොවනු ඇතැයි එරට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඉහත කරුණ කීවේය. ෂී ජින්පින්ගේ ඉන්දීය සංචාරය චෙන්නායි නුවරින් ඔක්තෝබර් 11 වැනිදා ආරම්භ වේ. මෙම සංචාරයේදී චීන ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයා ද මුණ ගැසෙන අතර එය ඔවුන් දෙදෙනා අතර සිදුවන දෙවැනි නොනිල හමුවයි.

ඉන්දියාවේ අසල්වැසියා මෙන්ම ප්‍රතිවාදියා ද පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා මේ වනවිට චීනයේ සංචාරයක නිරත වී සිටී. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එම සංචාරයේදී ජනාධිපති ෂී සහ අගමැති ලී කෙචියන්ග් හමු වී සාකච්ඡා පවත්වනු ඇත. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය මිත්‍ර හමුවක් පමණක් බවත් එයින් කිසිවකුට අසාධාරණයක් සිදු නොවන බවත් චීනය පාකිස්තානයට පවසා ඇතැයි ද කියැවේ.

කාශ්මීරය මුල් කරගනිමින් ඉන්දියාව සහ පාකිස්තාන අතර ඇති වූ අර්බුදකාරී තත්ත්වයේදී මැදිහත්කරුවකු වීමට ද චීනය කැමැත්ත පළ කළේය. කාශ්මීරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිර්දේශ සහ යෝජනා ක්‍රියාත්මක කරන්නැයි චීනය එක් අවස්ථාවකදී ප්‍රකාශ කළ අතර එය ඉන්දියාවේ නොසතුටට හේතු විය. කාශ්මීර අර්බුදය ඉන්දියාවේ අභ්‍යන්තර කරුණක් යැයි ඊට පිළිතුරු දෙමින් ඉන්දියාව එම අවස්ථාවේදී අවධාරණය කළේය.  

ද හින්දු  

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...