ලොව වටා

වායු දූෂණය නිසා නවදිල්ලි පාසල්වල සිසුන්ට මුඛ ආවරණ

2019 නොවැම්බර් 03 වැනි ඉරිදා - 28  

මේ දිනවල ඉන්දියාවේ නවදිල්ලි නුවර පවතින වායු දූෂණය හේතුවෙන් පාසල්වල සිසුන්ට බෙදාහැරීම සඳහා මිලියන 5ක් පමණ මුඛ ආවරණ නිකුත් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වායුවේ පැවතිය යුතු අවම දූෂිත තත්වයට වඩා දිල්ලිගේ වායු දූෂණය 20 ගුණයක් ඉහළ ගොස් ඇත. සෑම වසරකදීම මේකාලයවනවිට වායු දූෂණ්‍ය ඉන්දියාවේ සුලබ බවත්, දිවාලි උත්සවය දල්වන ගිනිකෙළි හේතුවෙන් ද වායු දූෂණය ඉහළ ගොස් ඇතැයිද, පැවසේ.

නගරය පුරා ඝන මීදුමක් සේ දූෂිත වායු විසිර ඇති බැවින් දිල්ලි නගරය එකම දුමාරයක් ලෙස පෙනෙන්නට ගෙන ඇත. ඉන්දියාව මේ වනවිට මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇත. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දිල්ලිය ඇතුළු ආසන්නතම ප්‍රාන්ත දෙකකට වායු දූෂණය සම්බන්ධයෙන්  කොන්දේසි කිහිපයක්ම පනවා තිබේ.

දිල්ලි නුවර පාසල් ලබන අඟහරුවාදා වනතුරු වසා දමා ඇත. නගරයේ සිදුකරන සියලු ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර, ගිනි ආශ්‍රිත කටයුතුද තහනම් කර තිබේ.

මාර්ග තදබදය අවම කරගැනීම සඳහා  මෝටර් රථවලට පමණක් ගමන් ගැනීමට තාවකාලිකව වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, ඒවාට රජය ලබාදෙන දිනවලදී මාර්ගයේ ගමන් කළ හැකිය.

දිල්ලි නගරය ‘ගෑස් කුටීරයක්’ බවට පත්ව ඇතැයි දිල්ලිහි ප්‍රධාන අමාත්‍යඅර්වින්ද් කෙජ්රිවාල් මහතා පවසයි. ලබාදෙන මුඛ ආවරණවලින් උපරිම ප්‍රයෝජන ලබාගන්නැයි ද කෙජ්රිවාල් මහතා කියාසිටී.

දිල්ලියේ ඇතැම් ව්‍යාපාරිකයන් සිය සේවකයන්ට සඳුදා දිනයේ සේවයට නොපැමිණෙන ලෙසද දන්වා ඇති අතර, ඇතැමුන්ට නිවසේ සිට කටයුතු කරන්නැයි දන්වා තිබේ.

 “අපි හිතුවේ නැහැ මේ තරම් හානියක් වායු දූෂණයෙන් වෙයි කියලා. මේ වගේ පරිසරයකද අපේ ළමයි වැඩෙන්නේ? කිසිවෙක් මේ ගැන හිතන්නේ නැහැ” යැයි ජනතාව පවසති.

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ඉන්දු - බංගලාදේශ ක්‍රිකට් තරගය සඳහා ද වායු දූෂණයෙන් බාධා එල්ල වී තිබේ. බංග්ලාදේශ ක්‍රීඩකයින් මුඛ ආවරණ පැළඳගෙන පුහුණුවීම් කටයුතුවල යෙදෙමින් සිටිති. ඔවුන්ට ඇසේ දැවිල්ල, උගුරේ අපහසුතා ආදී ආසාත්මිකතා මතුව ඇතැයි බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පැවසීය.

දිවාලි උත්සවයෙන් සතියකය පමණ පසු, දිල්ලිය වසාගනිමින් පැතිරුණු වායුව විෂසහිත වූ අතර, මිනිසුන් 20කට පමණ ශ්වසන අපහසුතාවලට ලක්වූහ. පසුගිය සිකුරාදා දිනය වනවිට මිලියන 20ක පමණ පිරිසක්ද වායූ දූෂණයෙන් විවිධ අසනීප තත්වලට පත්ව සිටියහ.

පසුගිය වසරේදී ද ඉන්දියාවේ මෙවැනි ම ආකාරයේ වායු දූෂණ තත්වයක් ඇති වූ බවද, පරිපාලන නිලධාරීන් සහ ස්වේච්ඡා සංගම් ජනයාට දහස් ගණන් මුඛ ආවරණ ලබාදුන් බවද වාර්තා වේ.

ඩිල්ෂානි චතුරිකා දාබරේ

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...