පුවත්

තල්මස්හාමිනේලා වෙනුවෙන් ගී ගයන තල්මස් මහත්තුරු

2020 ජනවාරි 06 වැනි සඳුදා - 362  

සමුද්‍ර ජීවි විද්‍යාඥයින් පිරිසක් ප්‍රථම වතාවට ලෝකයේ වෙසෙන ඉතා දුර්ලභ රයිට් තල්මසකු නිකුත් කළ ගීයක ආකාරය ගන්නා ශබ්ද රටා පටිගත කර තිබේ.

උතුරු පැසිෆික් සාගරයේ වෙසෙන තල්මසකු මේ සඳහා යොදාගෙන ඇත. පර්යේෂකයෝ අවුරුදු 8ක් තුළ ඇලස්කාවේ \ කළ ගවේෂණවලට අනුව තල්මසුන්ගේ රිද්මයානුකූළ ධ්වනි අනුව, එකිනෙකට වෙනස් හා විශේෂ ගීත 4ක් හඳුනාගෙන ඇත.

ඔවුහු දිගුකාලීනව දත්ත පරීක්ෂා කර, පටිගත කරන ලද ශබ්ද රටා පරීක්ෂා කළද, වසර 7ක් තිස්සේ එම ශබ්ද ඔවුන් අපේක්ෂා කරන රයිට් තල්මස් වර්ගයේම දැයි සොයමින් සිටියහ. 2017දී එය තහවුරු විය. එය පිරිමි තල්මසකු නිකුත් කරන ගීයක ආකාරයක්  ගන්නා ධ්වනි බව ඔවුන් තහවුරු කර ඇත. එකම ආකාරයේ රටාවක් ගන්නා රිද්මයානුකූල ශබ්ද මාලාවක් නොනැවතී ඉදිරිපත් වී තිබීමෙන් එය ගීයක් බව ඔවුන් වටහාගෙන ඇත.

රයිට් තල්මසුන්ට විවිධ ප්‍රභේද ආකාර ගන්නා ශබ්ද රටා පවතී. අතිශය වැදගත් ඇමතුමකදී ඔවුන්ගේ ශබ්ද වෙඩිල්ලක හඬ ගනී. කෙඳිරිගෑම්, කෑගැසීම් ආදී විවිධ අවස්ථාවලදී තල්මසුන්ගේ ශබ්ද රටා විවිධ වේ. මෙලෙස තල්මසුන් ගී ගයන්නේ, ගැහැනු තල්මසකු ආකර්ෂණය කරගන්නට විය හැකි බව ඔවුහු පවසති.

"රයිට් ආකාරයේ තල්මසුන් ලෝකයටම සිටින්නේ 30දෙනෙකු පමණයි. ඉතිං තල්මසුන් තමන්ට තල්මස් හාමිනේ කෙනෙක් හොයාගන්න ගී කියනවා වෙන්න පුලුවන්" යැයි පර්යේෂකයෝ කියති.

(ද ගාඩියන් ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

[caption id="attachment_51108" align="alignnone" width="750"]North Pacific right whale[/caption]

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...