entertainment

ගාලු වාර්තා චිත්‍රපට  සම්මාන උළෙලට නිර්මාණ ඉදිරිපත් කරන්න

2016 නොවැම්බර් 27 වැනි ඉරිදා - 89  

2017 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත වාර්තා චිත්‍රපට  සම්මාන උළෙල සඳහා දෙසැම්බර් 30 වෙනිදා තෙක් සිය නිර්මාණ ඉදිරිපත් කරන මෙන් සර්වා කලා සහ මාධ්‍ය ඇකඩමිය වෙනුවෙන් එම සංවිධායකයෝ සිනමා ශිල්පීන්ගෙන් ඉල්ලීමක් කරති. සම්පූර්ණයෙන් ම ප්‍රජාවෙන් ලැබෙන මුල්‍ය සහයෝගය මත යැපෙන මෙම උළෙලේ ප්‍රධානම හවුල්කරු ශ්‍රී ලංකා පදනම් ආයතනයට අනුබද්ධ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය බව සංවිධායකයෝ පැවසූහ.

ගාලු වාර්තා චිත්‍රපට උළෙල පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන සංවිධායක මණ්ඩලයේ සේනාධි ගුරුගේ, සිනමා ලෝලීන් වාර්තා චිත්‍රපට කෙරෙහි යොමු නොවීමට ප්‍රධාන කරුණු කිහිපයක් පවතින බව බීබීසී සංදේශයට අදහස් දක්වමින් පවසා ඇත.

"එක ප්‍රධාන හේතුවක් තමයි, ලංකාවේ මිනිස්සුන්ට - සිංහල වේවා, දෙමළ වේවා - භාෂාව හම්බවෙලා ඇත්තටම අවුරුදු සීයක්වත් නැහැ," ඔහු පවසා ඇත.

සිනමාව, සාහිත්‍යය, සංගීතය හා විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙහි විනිශ්චය කටයුතු සිදු කෙරෙන අතර, ක්ෂේත්‍ර ගණනාවක් යටතේ මෙහි සම්මාන ප්‍රදානය කිරීමට කටයුතු සූදානම් කර ඇත.

 

ඒ අනුව හොඳම වාර්තා චිත්‍රපටය, හොඳම පර්යේෂණය, හොඳම තිර රචනය, හොඳම කැමරාකරණය සහ හොඳම අධ්‍යක්ෂණය, හොඳම උත්සාහය යන ක්ෂේත්‍රයන් ඔස්සේ මෙහිදි සම්මාන ප්‍රදානය කෙරෙනු ඇත.

මෙම චිත්‍රපට උළෙල සඳහා 2011 වසරේ සිට මේ දක්වා කළ විනාඩි 01 සිට විනාඩි 90 දක්වා වන ඒකාංගික වාර්තා චිත්‍රපට පමණක් ඉදිරිපත් කළ හැකි අතර ජංගම දුරකතන වැනි නවීන තාක්ෂණය යොදාගනිමින් කළ නිර්මාණයන් ද ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇත. සම්මාන උළෙල 2017 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතය. 

මෙහි තරඟාවලියට සුදුසුකම් ලබන්නේ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ගේ පළමු, දෙවන හා තෙවැනි චිත්‍රපට පමණක් වන අතර, ප්‍රවීන අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණයන් ගරු කටයුතුව නිතරගයෙන් ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කොට ඇති අතර කාන්තාවන් සඳහා ප්‍රමුඛත්වයේ ලා සැලකීමට ද සංවිධායක කමිටුව තීරණය කර තිබේ. 

 

සිනමාව, සාහිත්‍යය, සංගීතය හා විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වතුන් 15දෙනෙකුගෙන් සම්න්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම වාර්තා චිත්‍රපට උළෙලේ විනිශ්චය කටයුතු සිදු කෙරෙන අතර, එම පිරිසට ඕස්ට්‍රේලියානු අධ්‍යක්ෂවරයෙකු සහ ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියෙකු ද අයත් වේ. 

මෙම වාර්තා චිත්‍රපට උළෙල පිළිබඳ වැඩිදුර තොරතුරු sarwa.org@yahoo.com විද්‍යුත් ලිපිනයෙන් හෝ දුරකතන අංක 0767 909 909 / 0767 952 952 ඔස්සේ ලබාගත හැකිය.

_92657734_galle _92657738_galle1

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...