ක්‍රීඩා පුවත්

විශාලම ක්‍රිකට් ක්‍රිඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවයි

2020 මැයි 21 වැනි බ්‍රහස්පතින්දා - 7  

ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ  ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර අද (21දා) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග යන ක්‍රීඩකයින් මීට සහභාගි වූ අතර වත්මන් ක්‍රිකට් පරිපාලනයේ නිලධාරීන් සහ හිටපු ක්‍රිකට් සභාපතිවරුන්, ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට සහභාගි වූහ.

'එය ඉතා හොඳ සාකච්ඡාවක්' මේ මොහොතේ පාසල් හා අනෙකුත් ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අපි දැනුවත් කළා. දැවැන්ත ක්‍රීඩාංගන ඉදිකිරීමට කාලය මෙය නොවේ ”යැයි හිටපු නායක සනත් ජයසූරිය රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසීය.

රට තුළ මෙන්ම ලොව පුරා කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු මතුව ඇති මොහොතක ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සෑදීමට මෙම අවස්ථාවේ ඉඩ ලබාදිය නොහැකි බවත් ක්‍රිකට් සංවර්ධනයට ලැබෙන මුදල් මීට වඩා ප්‍රායෝගිකව සහ ක්‍රීඩාවේ සුබ සිද්ධියට යොදාගත යුතු බව මෙම හමුවට එක්ව සිටි ක්‍රිකට් ක්‍රීඩකයින්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව ඊට වහා ප්‍රතිචාර දැක්වූ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට පියවර ගන්නා ලෙසත් ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය ක්‍රියාමාර්ග වහා ගන්නා ලෙසත් ය.

මීට අමතරව  ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇතුළු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා මීට පෙර  මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ඇතුළු පිරිසක් ලබාදුන් යෝජනා වහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම කටයුතු මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහනාම ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත පැවරීමටත්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහේල, සංගා යෝජනා තවදුරටත් පුළුල් කරමින් මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සිට දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ප්‍රතිපත්ති සැකසීම ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත පවරා තිබේ.

මෙම හමුව සඳහා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ ඇතුලු අමාත්‍යවරුන් කිහිපදෙනෙක්ද ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීහුද එක්ව සිටියහ.

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...