විද්‍යා

කළුකුහරයක් අපේ විශ්වයට එනවා

2016 දෙසැම්බර් 01 වැනි බ්‍රහස්පතින්දා - 472  

SPITZER

අපේ දුරේක්ෂවලට හසු නොවන මේ කළු කුහර සිය ගමන් මග අවට ඇති සියලුම දීප්තිමත් වායු ගිල ගන්නවා. මේ අති දැවැන්ත කළුකුහරයක් පැයකට සැතැපුම් මිලියන ගණනක වේගයෙන් මේ සක්වළෙහි ගැලැක්සි (මන්දාකිණි) හරහා ගමන් කරනවා. මෙයට හසුවන තරැ සියල්ල විනාශ වෙනවා.

දැක ගන්න බෑ

දැනට තාරකා විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇති මේ කළුකුහරය අපේ සූර්යයා මෙන් මිලියන ගුණයක් විශාලයි. ආලෝකය උරා ගන්නා නිසා මේවා අපට දුරේක්ෂවලින් දැක ගත නොහැකි යැයි කියන විද්‍යාඥයන් තවත් මෙවැනි මාරක අන්තර් %ගැලැක්සීය ‘මිසියිල’ තවත් තිබිය හැකියැයි අනතුරැ අඟවනවා. මේ කළුකුහරයක් තිබෙන තැනින් චලනය කරවන්න සිතිය නොහැකි තරම් විශාල බලයක් යොද වන්න  ඕනෑ. ඒත් විද්‍යාඥයන් සිතන්නේ අයින්ස්ටයින් විසින් ලොවට හඳුන්වා දුන් පරිදි අභ්‍යවකාශයේ රුලි නංවන ගුරැත්ව තරංග මගින් මේවා එම කළුකුහර අයත් මන්දාකිණියෙන් ඉවතට තල්ලු කරනවා විය හැකියි. 

කළුකුහරය

අපේ ගැලැක්සිය වන මේ ක්ෂීරපථයෙහි පමණක් නොව හැම ගැලැක්සියකම පාහේ මැද අති දැවැන්ත කළුකුහරය බැගින් ඇතැයි විශ්වාස කෙරෙනවා. ”අපේ සූර්යයා මෙන් මිලියන ගණනක ගුණයක් බරින් යුත් මේ වගේ අති දැවැන්ත කළුකුහරයක් ඇති තැනින් එහා මෙහා කරනවා පමණක් නොව අති විශාල වේගයකින් ඒ ගැලැක්සියෙන් පිටතට තල්ලු වෙනවා කීවාම ඒක අදහන්නත් බැරි තරම් දෙයක්” ඇමරිකාවේ හවාඩ්-ස්මිත්සෝනියන් තාරකා භෞතික විද්‍යා මධ්‍යස්ථානයේ තාරකා භෞතික විද්‍යාඥවරියක වන ෆ‍්‍රැන්සිස්කා සිවානෝ කියනවා.

නිර්මිත රුලි

”ඒත් මේ අලුත් දත්ත අපේ අවධානය යොමු කරවනවා මහා විද්‍යාඥ අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ ගුරැත්වා තරංග සංකල්පය ගැන. මේ ගුරැත්ව තරංග නිසා අතිශය විශාල බලයක් නිපදවෙන, ‘අභ්‍යවකාශය තුළ නිර්මිත වී ඇති රැලි ^ripples in the fabric of space& විශේෂයක් ඇතැයි යන අයින්ස්ටයින් පළ කළ මේ අදහස මේ වන තෙක් කෙළින්ම හඳුනා ගෙන තිබුණේ නැහැ.” ඇය වැඩිදුරටත් කියනවා.   

තාරකා භෞතික විද්‍යාඥයෝ

ඇමරිකාවේ හවාඩ්-ස්මිත්සෝනියන් තාරකා භෞතික විද්‍යා මධ්‍යස්ථානයේම තාරකාභෞතික විද්‍යාඥ ලෝරා බ්ලැකා කියන්නේ, ”මේ කළුකුහර අපට පෙනෙන්නේ නැහැ. මක්නිසාද යත් ඒවා අයත් ගැලැක්සියෙන් පිටතට තල්ලු කරන විට ඒවා අවට ඇති සියලුම වායු වර්ග ඒවා විසින් ගිලගෙන අවසන් නිසා.” කියලයි. සක්වළ ඇති යමක් අප දකින්නේ ඒවායින් නිකුත් වන විකිරණවලින් හෝ අපේ දුරේක්ෂ මගින් යවන ආලෝක හෝ ශබ්ද තරංග ඒවා මගින් පරාවර්තනය කිරීම නිසයි

සිවානෝගේ කණ්ඩායම

සිවානෝ හා ඇගේ කණ්ඩායම සී.අයි.ඩී-42 නමින් වූ පද්ධතිය ගැන අධ්‍යයනය කරමින් සිටිනවා. එය පිහිටා ඇත්තේ ආලෝක බිලියන හතරක් ඈතින් පිහිටි ගැලැක්සියක මැදයි. ඔවුන්ට මීට කලින් අවස්ථා දෙකක දී වඩා පැහැදිලි ප‍්‍රකාශ ආලෝක ප‍්‍රභව දෙකක් මේ සී.අයි.ඩී-42 පද්ධතියෙන් ලබා ගත හැකි වී තිබුණා. ඒ නාසා ආයතනයේ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිත කරමිනුයි. තවත් ප‍්‍රකාශ දත්ත ලබා ගෙන තිබුණා, චිලි රටේ ස්ථාපිත කර ඇති අති දැවැන්ත මැගලන් දුරේක්ෂ  යොදා ගෙන.

චන්ද්‍ර නිරීක්ෂණ

කලින් කරන ලද චන්ද්‍ර නිරීක්ෂණවලින් හඳුනා ගනු ලැබුවා, එක්ස් කිරණ ප‍්‍රභවයක්. එය නිකුත් වූයේ අධිතාපයට ලක් වූ ද්‍රව්‍ය විශේෂයකින්. මෙය අති දැවැන්ත කළුකුහරයක් හෝ කීපයක් හෝ නිසා සිදු වූවක් විය හැකියි. කෙසේ වෙතත් ඔවුන්ට වෙන් කර හඳුනා ගන්න බැරි වුණා, ඒ එක්ස් කිරණ ආවේ එකකින් ද දෙකෙන් ම ද කියා, ඒ මන්ද යත් චන්ද්‍රා දුරේක්ෂය කෙළින් ම සී.අයි.ඩී-42 වෙතට යොමු වූ නොතිබුණු නිසා. ඒ ලැබුණ එක්ස් කිරණ ප‍්‍රභවය වෙනදා තරම් පැහැදිලි නැති නිසයි.

ලුසිත ජයමාන්න

ඩේලිමේල් ඇසුරිනි