ලොව වටා

කරුණාවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි

2016 දෙසැම්බර් 19 වැනි සඳුදා - 219  

excursionsadamseak1

වසරේ අවසන් පුන් පොහොයෙන් එනම් උඳුවප් පොහොයෙන් ඇරඹෙන සමනල සිරිපා කරුණාව අවසන් වන්නේ වෙසක් පුන් පොහෝ දිනයෙනි. සිරිපා කරුණාව දුෂ්කරය. අනාදිමත් කලක සිට සිංහල බෞද්ධයා බැති සිතින්  සිරිපා කරැණා කරයි. ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන එහි පිහිටුවා ඇතැයි යන විශ්වාසයෙනි. බෞද්ධයා පමණක් නොව අන්‍ය ආගමිකයෝද සිරිපා වන්දනාවට කන්ද තරණය කරති. ඒ ඒ ආගම්වල උතුමන් විසින් එහි පා සටහන තබා ඇතැයි යන විශ්වාසය පදනම් කර ගනිමිනි. 

සමනල කන්දේ පිහිටීම

  • මධ්‍යම කඳුකරයේ පිහිටි ප්‍රධානම කන්දයි.
  • ලංකාවේ උස් කඳු අතර තෙවැනි ස්ථානය ගනී.
  • සබරගමු හා මධ්‍යම යන දෙපළාතටම අයත් වේ.
  • මුහුදු මට්ටමේ සිට අඩි 2242ක් පමණ උස ය.
  • විශාලත්වය වර්ග සැතපුම් 8641ක් පමණ ය.
  • 1940 වස‍රේදී අභය භූමියක් වශයෙන් නම් කොට ඇත.

සමනල කන්දට නම්

  • සමනලයන් බොහෝ සේ සරන නිසා සමනල කන්ද නම් වේ.
  • බුදුන්ගේ පා සටහන ඇති ශ්‍රී පාදය,
  • සමන්ගිර, සමනලගිර
  • සමන්ත කූට (පාලි බසින්)
  • සිවනොලි පාදම් (දෙමළ බසින්)

ජනශ්‍රැතියෙන් කතාවක්

සිරිපා අඩවියේ පිහිටි මනරම් මල් උයනකි. නොයෙක් මලින් සැදි ඒ මල් උයන රුක බලා ගැනීම සඳහා උයන්පල්ලෝ දෙදෙනෙක් වූහ. ඔවුන් රුකවල් ලා සිටියද මල් වරින් වර අතුරැදහන් විය. එහෙත් සොරැන් අල්ලා ගැනීමට නොහැකි විය. මේ නිසා රජතුමා සොරැන් අල්ලා දෙන්නෙකුට තෑගිබෝග පිරිනමන බවට අණ බෙර ලැවීය. මේ සඳහා ඉදිරිපත් වූයේ අරැම පුදුම අයෙකි. ඔහුට දෙපා නැත. මඟුල් උයනේ තැනූ පුංචි කුටියක හිඳිමින් ඔහු රාත්‍රිය නොනිදා පහන් කළේය. රාත්‍රිය ගත කළේ බණ පොතක් කියවමිනි. මැදියම් රුයේ ඇසුණු ශබ්දයක් නිසා අවට සෝදිසි කළ ඔහුට දක්නට ලැබුණේ මල් නෙළමින් උයන පුරා සරන සුරංගනාවන්ය. ඔහු බණ පොත දිගින් දිගටම කියවමින් උන්නේය. ඔහුගේ මිහිරි හඬ ඇසූ සුරංගනාවෝ කුටිය අසලටම විත් අසාගෙන සිටියහ. ඒ තැනැත්තා එක්වරම එක් සුරංගනාවකගේ සුළැඟිල්ලෙන් අල්ලා ගත්තේය. මල් ගෙනයන්නේ ඇයිදැයි විමසා සිටියේය. සිරිපා පිදුමට මල් ගෙන යන බවට සුරංගනාව කී කල ඔහුට එහි යාමට සිත් විය. ඒ බව සුරංගනාවන්ට දැන්වූ විට ඔවුන් කියා සිටියේ ඔවුන් මල් දමන මග ඔස්සේ පැමිණ සිරිපා මළුවට යා හැකි බවයි. ඒ තැනැත්තා ඒ අනුව සිරිපා මළුවට ගිය බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මේ කතා පුවත නිශ්ශංකමල්ල රජු දවසට අයත් බව ඇතමෙක් පවසයි. තවත් අයකුගේ මතය වන්නේ මේ පුවත භාතිකාභය රජු සමයට අයත් බවයි.ඒ කෙසේ වෙතත් ඇතැම් තැන් විවිධ වෙනස්කම්වලට බඳුන් වෙමින් මේ කතාව තවමත් ව්‍යවහාරයේ පවතී...............

ඡායාරූප ග්‍රැෆික් සටහන් ඇතුළත් ලිපියේ වැඩි විස්තර 2016 දෙසැම්බර් මස 27 වැනිදා විජය පුවත්පත බලන්න

DSC_6253 DSC_6291 DSC_6295 DSC_6326 DSC_6363 DSC_6382 DSC_6416 DSC_6417 DSC_6420 DSC_6422 DSC_6430 DSC_6440 DSCF2505 DSCF2527 DSCF2597 DSCF2599 DSCF2606 DSCF2607 DSCF2609 DSCF2611 DSCF2614 DSCF2616