media_education

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ  සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය  ලිපි පෙළට  ප‍්‍රවේශයක්

2017 ජනවාරි 30 වැනි සඳුදා - 3555  

01 p copy
ශ්‍රී ලංකාවේ සන්නිවේදන අධ්‍යාපනයේ පසුබිම
    ශ්‍රී ලංකාව තුළ සන්නිවේදන අධ්‍යාපනය මුල් වරට අත්හදා බලන ලද්දේ 1968 වර්ෂයේ දී දෙහිවල කණිෂ්ඨ විශ්වවිද්‍යාලය විසින් ආරම්භ කරන ලද පුවත්පත් කලාවේදය පාඨමාලාවෙනි. එම වකවානුවේදී පවා එම පාඨමාලාවට ඉහළම ඉල්ලූමක් පැවතිණි. පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ උප විෂයයක් වශයෙන් ජනසන්නිවේදනය නමින් නව විෂයයක් හ`දුන්වා දෙන ලදී. ජනසන්නිවේදන අධ්‍යයනාංශය බිහි වූයේ එයින් පසුවය. මෙසේ විශ්වවිද්‍යාල මට්ටමින් සන්නිවේදන අධ්‍යාපනය ආරම්භ වූයේ 70 දශකයේදීය. එතැන් සිට ගත වූ කාලය තුළ ජනසන්නිවේදනය හැදෑරීමට විශ්වවිද්‍යාල මට්ටමින්ද, සාමාජීය මට්ටමින්ද තරුණ පිරිස තුළ මහත් උනන්දුවක් ඇති විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් විශ්වවිද්‍යාලයෙන් බැහැරව ජනසන්නිවේදනය පිළිබ`ද විවිධ පාඨාමාලා ආරම්භ කරනු ලැබිණි. 
    විශේෂයෙන් 1977 නිදහස් ආර්ථික ප‍්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව තුළ ඇති වූ වෙනස්කම් සන්නිවේදන ක්ෂේත‍්‍රයට ඍජුව බලපෑවේය. ආනයන සීමා අඩු වීම නිසා මුද්‍රණ යන්ත‍්‍ර හා කඩදාසි ආනයනයට පහසුකම් සැලසීම නිසා පුවත්පත් හා සඟරා අලූතින් බිහි විය. රජය සතුව තිබූ ගුවන් විදුලිය පිළිබ`ද අධිකාරිය රජය විසින් අත්හැරීම නිසා පෞද්ගලික ගුවන් විදුලි නාලිකා බිහි විය. අලූතින් ආරම්භ වූ රූපවාහිනී විකාශනය ඉතා ඉක්මනින්ම රජය හා පෞද්ගලික නාලිකා අතර තරගයක් බවට පත් විය. ඒ හැර පරිගණක තාක්ෂණය ව්‍යාප්ත වීමත්, නිශ්චල හා චලන කැමරා පහසුකම් වැඩි වීමත්, විනෝදාත්මක මාධ්‍ය බහුල වීමත් නිසා ජනසන්නිවේදන ක්ෂේත‍්‍රයේ නව වෘත්තීය අවකාශ බහුල වන්නට පටන් ගත්තේය. එසේම මාධ්‍ය පරිහරණයද ඉහළ ගියේය. මේ සියල්ලේ ප‍්‍රතිඵලය වූයේ සන්නිවේදනය හා මාධ්‍ය හැදෑරූ නව තරුණ පිරිසක් සමාජයට අවශ්‍ය වීමයි. එසේම තරුණ පිරිස මේ නව වෘත්තීය ක්ෂේත‍්‍රයට පිවිසීමට මහත් උනන්දුවක් හා කැමැත්තක් දැක් වූ බව ද නොරහසකි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය අධ්‍යාපනය පිළිබ`ද නව ප‍්‍රවේශයක් ඇති වූයේ මේ අනුවය.
පාසල් මාධ්‍ය අධ්‍යාපන ප‍්‍රවේශය
    ශ්‍රී ලංකාවේ සන්නිවේදන අධ්‍යාපනය ආරම්භ වී අවුරුදු තිස් දෙකක් ගත වන තුරුත් එය පාසල් මට්ටමට ගෙන යෑමට උනන්දුවක් ඇති නොවීය. ඒ පිළිබ`දව අවධානය යොමු කරන ලද්දේ 1998 වර්ෂයේ අග භාගයේදී ජාතික අධ්‍යාපන ආයතනයේ නිල වශයෙන් ආරම්භ කරන ලද ‘පාසල් මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘතිය’ විසිනි. ඒ වන විට පාසල් මට්ටමින් සන්නිවේදනය හා මාධ්‍ය පිළිබ`ද විවිධ ක‍්‍රියාකාරකම් සිදු වෙමින් පැවතිණි. එය පාසල් සිසුන්ගේ අභිවෘද්ධිය ස`දහා යොදා ගැනීමේ විධිමත් ක‍්‍රමවේදයක් හ`දුනා ගැනීම පාසල් මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘතියේ අරමුණ විය. ඒ අනුව 2000 වර්ෂයේ දී මුල් වරට ‘පාසල් මාධ්‍ය සමාජ’ පාසලට හ`දුන්වා දෙන ලදී. 2000 වර්ෂයේ දී පළමුවරට තෝරා ගත් පාසල් දහයක පාසල් මාධ්‍ය උළෙල පවත්වන ලදී. එය අතිශයින් සාර්ථක විය. ඒ අනුව 2001 වර්ෂයේදී පාසල් මාධ්‍ය සමාජ ව්‍යවස්ථාවලියක් ප‍්‍රකාශ කර විධිමත් ලෙස පාසල් මාධ්‍ය සමාජ පිහිටුවීම ජාතික වශයෙන් ආරම්භ කරන ලදී. පාසල් මාධ්‍ය සමාජය විෂය සමගාමී කාර්යයක් වූ අතර එය විෂයයක් වශයෙන් ඇතුළත් කිරීමේ අවශ්‍යතාව මතු කරන ලද්දේ මාධ්‍ය සමාජ ක‍්‍රියාකාරිකයන් විසිනි.
 
පාසල් විෂය මාලාවට සන්නිවේදනය
    සන්නිවේදනය හා මාධ්‍ය පිළිබ`දව ඉගෙන ගැනීමට පාසල් සිසුන් තුළ ඇති කැමැත්ත හෙළිදරව් වූයේ පාසල් මාධ්‍ය සමාජ ක‍්‍රියාකාරම් ඔස්සේය. ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත‍්‍රීය කටයුතු මණ්ඩලයට මේ පිළිබ`ද යෝජනාවක් ඉදිරිපත් කරන ලදුව එය ප‍්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරනු ලැබිණි. තැපැල් මාර්ගිකව කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වූයේ සියයට 85කට වැඩි පාසල් සංඛ්‍යාවක් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂයයක් වශයෙන් සන්නිවේදනය හා මාධ්‍ය හැදෑරීමට කැමැත්ත පළ කළහ. 
    පාසල් විෂයයක් වශයෙන් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය ඇතුළත් කිරීමට ජාතික  අධ්‍යාපන ආයතනයේ පාලක මණ්ඩලය අනුමත කරන ලදුව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ සම්පාදනය කරන ලදී. විෂයයේ නම නිගමනය කරන ලද්දේ මහා බි‍්‍රතාන්‍යයේ සන්නිවේදන අධ්‍යයනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශ ඇසුරු කරමිනි. 2006 - 10 වන ශ්‍රේණියට, 2007 - 11 වන ශ්‍රේණියට, 2008 - 12 වන ශ්‍රේණියට හා 2009 - 13 වන ශ්‍රේණියට වශයෙන් පාසල සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශ හ`දුන්වා දෙන ලදී.     
සාමාන්‍ය පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
    2006 වර්ෂයේදී 10 වන ශ්‍රේණියට හ`දුන්වා දුන් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශය සම්පාදනය කිරීමේ දී සැලකිල්ල යොමු වූ කරුණු කිහිපයකි. එකක් නම් ඒ ස`දහා සතියකට ලැබෙන කාලච්ඡෙද සංඛ්‍යාවයි. දෙවැන්න නම් මෙම විෂයය හදාරන සිසු දරු දැරියන් බහුතරයක් සාමාන්‍ය පෙළින් පසු පාසලින් ඉවත් වීමයි. තුන්වැන්න නම් සිසු දරු දැරියන්ගේ ජීවත්වීමට අවශ්‍ය ඉගෙනුමක් ලෙස සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය අවශ්‍ය වීමයි. 
    මේ අනුව ප‍්‍රධාන ඉලක්කය වූයේ දරුවන්ගේ මාධ්‍ය නිපුණතා සංවර්ධනය කිරීමත්, ඔවුන්ගේ විචාරශීලී ග‍්‍රාහකත්ව නිපුණතා පෝෂණය කිරීමත්, අනාගත මාධ්‍ය වෘත්තීය වැඩලෝකය පිළිබ`ද උනන්දුවක් ඇති කිරීමත්ය. මේ අනුව සාමාන්‍ය පෙළ විෂයය ස`දහා විෂය තේමා තුනක් තෝරා ගනු ලැබිණි. 
        1. සන්නිවේදන නිපුණතා
        2. විචාරශීලී ග‍්‍රාහකත්වය
        3. මාධ්‍ය වෘත්තීය මාර්ගෝපදේශය
    යොවුන් වියේ දරුවන්ට වඩාත් ප‍්‍රියජනක වන ආකාරයේ ප‍්‍රායෝගික කරුණු ඇතුළත් කරමින් විෂය නිර්දේශය සම්පාදනය කරනු ලැබිණි. විවිධ දේ කට පාඩම් කිරීම වෙනුවට විමර්ශනාත්මක හා විචාරාත්මකව සිතා බැලීමේ හැකියාව අනුව ඇගයුම් කිරීමටද අවශ්‍ය පදනම විෂය නිර්දේශයේ දී ඇතුළත් කරන ලදී. ඒ අනුව පහත ස`දහන් ඒකක 12ක් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට ඇතුළත් කරනු ලැබීය. 
            10 වන ශ්‍රේණිය
        1. සන්නිවේදන වර්ගීකරණය
        2. සන්නිවේදන ස්වරූප
        3. කාර්යබද්ධ මාධ්‍ය තාක්ෂණික නිපුණතා
        4. ජනමාධ්‍ය ආයතනික අධ්‍යයනය
        5. මාධ්‍ය නියෝජන අධ්‍යයනය
        6. නිශ්චල ඡුායාරූප ශිල්පීය නිපුණතා
            11 වන ශ්‍රේණිය
        7. ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ මූලිකාංග
        8. මුද්‍රිත මාධ්‍ය මූලිකාංග
        9. ගුවන් විදුලි මාධ්‍ය මූලිකාංග
        10. සිනමා හා රූපවාහිනී මාධ්‍ය මූලිකාංග
        11. ප‍්‍රකාශන නිදහස හා ප‍්‍රකාශන හිමිකම
        12. විචාරශීලී ග‍්‍රාහකත්වය

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
    මුල් වරට සාමාන්‍ය පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හැදෑරූ සිසු දරු දැරියන්ට උසස් පෙළ එම විෂයය හැදෑරීමට අවකාශ සලසා දීම අරමුණු කර ගෙන 2008 වර්ෂයේ දී 12 වන ශ්‍රේණියට ද, 2009 වර්ෂයේදී 13 වන ශ්‍රේණියටද සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හ`දුන්වා දෙන ලදී. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශයන්හි අරමුණු එකිනෙකට වෙනස්ය. 
    උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශයේ ප‍්‍රධාන ඉලක්කය නම් ජාතික සංවර්ධනය ස`දහා අවශ්‍ය සන්නිවේදන හා මාධ්‍ය නිපුණතා දරුවන් තුළ පෝෂණය කිරීමයි. උසස් පෙළ ඉගෙන ගන්නා දරුවන්ගෙන් ඉතා සුළු පිරිසක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන අතර, වැඩි පිරිසක් සමාජගත වන බවත් මෙහි දී සැලකිල්ලට ගෙන ඇත. මේ අනුව සියලූ සිසුන්ට ජාතික සංවර්ධන ක‍්‍රියාවලියට සම්බන්ධවීමට ආකල්ප සංවර්ධනයත්, අවබෝධය පුළුල් කිරීමත්, අත්දැකීම් ලබා ගැනීමට අවකාශ සැලසීමත්, සමාජීය සහජීවනය ස`දහා අවශ්‍ය නිපුණතා සංවර්ධනයත්, ඉහළ මට්ටමේ මාධ්‍ය විචාරශීලී නිපුණතාවක් ඇති කිරීමත්,  උසස් පෙළ විෂය නිර්දේශයේ අරමුණු විය. 
    මේ අනුව තේමා හතරක් උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශ සම්පාදනයේ දී යොදා ගන්නා ලදී. 
    1. සන්නිවේදන නිපුණතා
    2. මාධ්‍ය සාක්ෂරතාව
    3. සංවර්ධන සන්නිවේදනය
    4. සහජීවනය ස`දහා සන්නිවේදනය
    ඒ අනුව පහත ස`දහන් පරිදි සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය උසස් පෙළ විෂය නිර්දේශය සම්පාදනය කරන ලදී. 
        12 වන ශ්‍රේණිය
    1. සන්නිවේදන අධ්‍යයන ප‍්‍රවේශය
    2. සන්නිවේදනය හා සමාජය
    3. සන්නිවේදන කුසලතා හා නිපුණතා
    4. භාෂාව හා ජනමාධ්‍ය භාවිතය
    5. මහජන සම්බන්ධතාව
    6. මාධ්‍ය සංස්කෘතිය
        13 වන ශ්‍රේණිය
    7. සහජීවනය ස`දහා සන්නිවේදනය
    8. සංවර්ධන සන්නිවේදනය
    9. නිර්මාණාත්මක සන්නිවේදනය
    10. මාධ්‍ය විචාරය
    11. මාධ්‍ය සාක්ෂරතාව
    12. සංවර්ධන සන්නිවේදන ව්‍යාපෘතිය


සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ පිළිබ`ද විමර්ශනය
    සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය මුල් විෂය නිර්දේශ දෙකෙහිම දකින්නට ඇති විශේෂ ලක්ෂණයක් නම්, එම විෂය නිර්දේශයන්හි අවසාන ඒකකය ප‍්‍රායෝගික ව්‍යාපෘතියක් ලෙස දක්වා තිබීමයි. ඒ අනුව 11 වන ශ්‍රේණියේ අවසාන ඒකකය විචාරශීලී ග‍්‍රාහකත්වය පිළිබ`ද සරල සමීක්ෂණයක් පැවැත්වීමත්, 13 වන ශ්‍රේණියේ අවසාන ඒකකය සංවර්ධන සන්නිවේදන ව්‍යාපෘතිය ලෙසත් දක්වා ඇත. 
    පාසල් විෂය නිර්දේශ සම්පාදනය විශ්වවිද්‍යාල විෂය නිර්දේශ සම්පාදනයට වඩා වෙනස්ය. ඒ අනුව උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශය සම්පාදනය කර ඇත්තේ, විශ්වවිද්‍යාල ප‍්‍රවේශ විෂය නිර්දේශයක් ලෙස නොවේ. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය සම්පාදනය කර ඇත්තේ උසස් පෙළ විෂය නිර්දේශයට ප‍්‍රවේශයක් ලෙස නොවේ. එබැවින් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය උසස් පෙළ හැදෑරීම ස`දහා එම විෂයය සාමාන්‍ය පෙළ විභාගයේදී සමත් වී තිබීම අත්‍යවශ්‍ය කරුණක් නොවේ. 
    එපමණක් නොව විශ්වවිද්‍යාලයේදී උගන්වනු ලබන සාම්ප‍්‍රදායික විෂය ඒකකවලින් ඔබ්බට උසස් පෙළ විෂය නිර්දේශයේ ඒකක ගොඩ නංවා ඇත. උදාහරණයක් වශයෙන් සහජීවනය ස`දහා සන්නිවේදනය, මාධ්‍ය සාක්ෂරතාව, සන්නිවේදන කුසලතා හා නිපුණතා  එවැනි විෂය ඒකක වේ. 
    ලෝකයේ මාධ්‍ය අධ්‍යාපනයට සම්බන්ධ පිළි ගත් විෂය ප‍්‍රවේශ හතරකි. ඒවා නම් සාමාජීය ප‍්‍රවේශය, සංස්කෘතික ප‍්‍රවේශය, කුසලතා ප‍්‍රවේශය හා දේශපාලන ප‍්‍රවේශයයි. එයින් උසස් පෙළ විෂය නිර්දේශ සම්පාදනයේ දී සාමාජීය ප‍්‍රවේශය, සංස්කෘතික ප‍්‍රවේශය හා කුසලතා ප‍්‍රවේශය යොදා ගෙන ඇති අතර, දේශපාලන ප‍්‍රවේශය වෙනුවට සංවර්ධන ප‍්‍රවේශය යොදා ගෙන ඇත. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේදී සාමාජීය ප‍්‍රවේශය, සංස්කෘතික ප‍්‍රවේශය හා කුසලතා ප‍්‍රවේශය පමණක් යොදා ගෙන ඇත. 

විෂය සීමා හා සීමා ඉක්මවා යෑම 
    සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ ස`දහා යම් යම් සීමා එහි ගුරු මාර්ගෝපදේශ සංග‍්‍රහ මගින් දක්වා ඇත. ඒ පිළිබ`ද උදාහරණ කිහිපයක් පහත දැක් වේ. 
    සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ ඉගැන්විය යුතු  ලැස්වෙල් නිර්වචනයත්, ෂැනොන් හා වීවර් සූත‍්‍රයත් පමණක් ඉගැන්විය යුතු බව දක්වා ඇත. 
    උසස් පෙළ විෂය නිර්දේශය යටතේ ඉගැන්විය යුතු සන්නිවේදන ආකෘති ලෙස හැරල්ඞ් ලැස්වෙල් (1948*, ෂැනොන් හා වීවර් (1949*, ඔස්ගුඞ් හා ශ‍්‍රාම් (1954* හා බර්ලෝ (1960 * පමණක් හැදෑරීම ප‍්‍රමාණවත් වන බව ගුරු මාර්ගෝපදේශ සංග‍්‍රහයේ දක්වා ඇත. එසේම හැරල්ඞ් ලැස්වෙල්, ෂැනොන් වීවර්, විල්බර් ශ‍්‍රාම් හා එඞ්වඞ් ෂැපී විසින් ඉදිරිපත් කර ඇති සන්නිවේදන නිර්වචන පමණක් හැදෑරිය යුතු බව දක්වා ඇත. 
    මේ ආකාරයෙන් සීමා දක්වා ඇත්තේ හේතු කිහිපයක් මතය. එකක් නම් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ උගන්නා සිසු දරු දැරියන් අධික විෂය කරුණු ප‍්‍රමාණයකින් හෙම්බත් වීම වළක්වා ලීමයි. අනෙක නම් පසු කාලයේ දී උසස් අධ්‍යාපනයේදී හැදෑරීමට අවශ්‍ය විෂය කරුණු වෙන් කර ගැනීමයි.  මේ නිසා දක්වා ඇති සීමා යටතේ වෙහෙසකින් තොරව විෂයය හැදෑරීමට අවශ්‍ය පහසුකම සලසා දී ඇත. 
    එසේ වුවත් විෂයයන්හි දක්වා ඇති සීමාවන් ඉක්මවා විෂය කරුණු ඉගැන්වීම පෞද්ගලික උපකාරක පන්තිවල බහුල වශයෙන් සිදු වේ. මෙය සිසුන් අතිශයින් පීඩාවට ලක් කරන්නකි. ගුරු මාර්ගෝපදේශ සංග‍්‍රහය විසින් දක්වා  ඇති සීමාවන්ගෙන් බැහැරව ප‍්‍රශ්න සකස් කළ නොහැකි බව සිසු දරු දැරියන් දැන ගත යුතු කරුණකි. මාධ්‍ය අධ්‍යාපනය ස`දහා පුහුණුව ලබා ඇති ගුරු භවතුන් එම සීමා අනුගමනය කරද්දී, පෞද්ගලික පන්තිවලදී සීමාවන්ගෙන් බැහැරව විෂය කරුණු ලබා දීම නිසා පාසල් ගුරුවරුන් විෂය නොදන්නා බවට මිථ්‍යාවක් ගොඩ නැගේ. එහෙත් එය සත්‍යයක් නොවේ. පාසලේ මාධ්‍ය  ගුරුවරුන් එම විශ්වවිද්‍යාලවලින්ම සන්නිවේදන විෂය ඉගෙන ගෙන ඇති බව සිසු දරු දැරියන් දැන ගත යුතුය. 
    එපමණක් නොව තමන්ගේ වෙළෙ`ද පරමාර්ථ ඉටු කර ගැනීම ස`දහා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ උපකාරක පොත්වල ද එම පන්තියට නියම කර ඇති විෂය නිර්දේශයේ සීමාවන්ගෙන් බැහැරව විෂය කරුණු දක්වා තිබීම බරපතල වරදකි. සමහර පොත් දක්වා ඇත්තේ උසස් පෙළ හා ඉන් ඉහළ විභාග ස`දහා යනුවෙනි. එසේ උපකාරක පොත් ඉදිරිපත් කළ නොහැකිය. එවිට උසස් පෙළ සිසු දරුවාට එම උපකාරක පොතින් තමන්ට ගැලපෙන සීමාව වෙන් කර ගත නොහැකිව එහි සියලූ දේ ඉගෙන ගන්නට උත්සාහ දරයි. 
    මේ නිසා සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හදාරන සිසු දරු දැරියන් විසින් එම විෂයයන් ස`දහා නිකුත් කර ඇති ගුරු මාර්ගෝපදේශ සංග‍්‍රහ කියවා අවබෝධ කර ගත යුතුය. එසේම සීමාව ඉක්මවා විෂය කරුණු ලබා දෙන ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීම අත් හල යුතුය. උදාහරණයක් වශයෙන් සන්නිවේදන නිර්වචන වශයෙන් ඇරිස්ටෝටල් නිර්වචනය දක්වා ඇති උපකාරක පොත් බොහෝය. එම නිර්වචනය උගන්වන පන්තිද බොහෝය. එහෙත් එය පාදක කර ගනිමින් විභාග ප‍්‍රශ්නයක් සම්පාදනය කළ නොහැකිය.

    

2015 විෂය මාලා සංශෝධනය
    ජාතික අධ්‍යාපන ආයතනය විසින් කරනු ලබන විෂය මාලා සංශෝධනය යටතේ 2015 සිට නව විෂය නිර්දේශ හ`දුන්වා දීමට කටයුතු කරනු ලැබීය. ඒ අනුව පහත ස`දහන් පරිදි සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය සංශෝධිත නව විෂය නිර්දේශ ක‍්‍රියාත්මක වේ. 
        2015 සිට -     10 වන ශ්‍රේණිය
        2016 සිට -     11 වන ශ්‍රේණිය
        2017 සිට -     12 වන ශ්‍රේණිය
        2018 සිට -     13 වන ශ්‍රේණිය
    මෙයින් මේ වන විට ප‍්‍රකාශයට පැමිණ ඇත්තේ 10 හා 11 සංශෝධිත විෂය නිර්දේශ පමණි. ජාතික අධ්‍යාපන ආයතනය විසින් මුලින් සකස් කර අනුමත කර තිබූ 10 හා 11 සංශෝධිත විෂය නිර්දේශවලින් 11 විෂය නිර්දේශය විෂයමාලා සංවර්ධනය ගැන අත්දැකීමක් නැති මුග්ධයන් පිරිසක් විසින් නැවත වෙනස් කර ඇත. ඒ නිසා මේ වන විට පන්ති කාමරයේ භාවිත කරන 11 විෂය නිර්දේශය අවුලක් බවට පත් වී ඇත. ඒ අනුව සම්පාදනය කර ඇති පෙළ පොතද එසේමය. එහි බරපතල ලෙස විෂය කරුණු වරද්දා ඇත. ඒ නිසා සංශෝධිත විෂය නිර්දේශය යටතේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය උගන්නා දරුවන්ද, විෂය උගන්වන ගුරු භවතුන්ද මහත් අසීරුතාවකට පත් වී ඇත. 
    මෙම ලිපි පෙළ සම්පාදනය කිරීමේදී එම දෝෂ අනාවරණය කරන්නට අපේක්ෂා කෙරේ.  
    මේ වන විට 10 හා 11 ශ්‍රේණිවල සංශෝධිත නව විෂය නිර්දේශ හා පෙළපොත් ප‍්‍රකාශයට පත් කර ඇත. 2017 දී 12 වන ශ්‍රේණියටද, 2018 දී 13 වන ශ්‍රේණියටද සංශෝධිත නව විෂය නිර්දේශ හ`දුන්වා දීමට නියමිතය. කෙසේ වුවද පැරණි විෂය නිර්දේශ තවත්  අවුරුදු දෙකක් ඉදිරියට පැවැත්වේ. එනම් සාමාන්‍ය පෙළ පැරණි විෂය නිර්දේශය 2017 හා 2018 යන වර්ෂවලදීද, උසස් පෙළ පැරණි විෂය නිර්දේශය 2020 හා 2021 යන වර්ෂවල දී ද පැවැත්වේ. 
    උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හැදෑරීම ස`දහා සාමාන්‍ය පෙළ එම විෂයය හැදෑරීම අත්‍යවශ්‍ය නොවුවත්, එම පොළ පොත් කියවා ගැනීම ඉතා ප‍්‍රයෝජනවත්ය. 
    මෙම ලිපි පෙළ සම්පාදනය කරනු ලබන්නේ සාමාන්‍ය පෙළ පැරණි නිර්දේශය, සාමාන්‍ය පෙළ සංශෝධිත විෂය නිර්දේශය හා උසස් පෙළ පවත්නා විෂය නිර්දේශය පාදක කර ගනිමිනි. උසස් පෙළ සංශෝධිත විෂය නිර්දේශය මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැත. එසේ වුවත් මෙම විෂය නිර්දේශ සියල්ලන්ගේ පොදු කරුණු ප‍්‍රවේශ කර ගනිමින් මෙම ලිපි පෙළ සම්පාදනය කරනු ලබන බැවින් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හදාරන සියල්ලන්ට මෙය ඉතා ප‍්‍රයෝජනවත් වනු නිසැකය. 


ජ්‍යේෂ්ඨ අධ්‍යාපනඥ,
අධ්‍යාපනපති, 
බන්දුල පී. දයාරත්න

වැඩිදුර අධ්‍යනය සඳහා සතිපතා තරුණයා පුවත්පත් කියවන්න
 

දින පොත