events

බිලිඳු- PLC පෙර පාසල් වැඩමුළුවට අයදුම්පත් කැඳවේ

2017 පෙබරවාරි 15 වැනි බදදා - 54  

DDDDD-2

පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම හා බිලිඳු පෙර පාසල් සඟරාව එක්ව සංවිධානය කරන පෙර පාසල් ගුරුවරුන් සඳහා පවත්වන මීළඟ එක්දින වැඩමුළුව සඳහා අම්පාර ප‍්‍රදේශයේ පෙර පාසල් ගුරු භවතුන්ගෙන් අයදුම්පත් කැඳවේ. පෙර පාසල් දරුවන්ගේ පූර්ණ පෞර්ෂ සංවර්ධනය සඳහා ඉගෙනුම් ක‍්‍රමවේද සහ එ්වායේ ප‍්‍රායෝගික භාවිතය මෙම වැඩමුළුව තුළින් ආවරණය වේ. උපදෙස්, අත්වැඩ, සංගීතය, නර්තනය ඇතුලු සෞන්දර්ය ක‍්‍රියාකාරකම් පෙර පාසල් ගුරුභවතුන්ට හඳුන්වාදෙයි. එසේම ඉතුරුම් සංකල්ප හා ඉතුරුම පෙර පාසලින් ඇරඹීමේ වැදගත්කම පිළිබඳවද මෙම වැඩමුළුවේදී දැනුවත් කෙරේ. පෙර පාසල් ගුරු සංවර්ධනය පිළිබඳ ප්‍රවීන දේශකවරුන් විසින් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින් වැඩමුළු පැවැත්වේ.
මේ සඳහා සහභාගී වීමට කැමැති අම්පාර ප‍්‍රදේශයේ පෙර පාසල් ගුරුභවතුන්වේ නම් ඔබේ නම, පෙර පාසලේ නම හා විස්තර, පෞද්ගලික ලිපිනය, දුරකථන අංකය, ආසන්නම නගරය, ආදී තොරතුරු ඇතුළත් අයදුම්පතක් පීපල්ස් ලීසිං සමාගමේ සමාජ සත්කාරක අංශය වෙත හෝ බිලිඳුපෙර පාසල් සඟරාව වෙත යොමු කරන්න. සීමිත පිරිසක් බඳවා ගන්නා බැවින් ලියාපදංචිය සඳහා ඔබගේ අයදුම්පත මාර්තු මස 1 වැනිදාට පෙර බිලිඳු - ඡුඛක්‍ පෙර පාසල් වැඩමුළුව, සමාජ සත්කාරක අංශය, පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී, 1161, මරදාන පාර, කොළඹ 08. ලිපිනයට හෝ බිලිඳු - ඡුඛක්‍ පෙර පාසල් වැඩමුළුව, බිලිඳු පෙර පාසල් සඟරාව, විජය පුවත් පත් සමාගම, අංක 8, හුණුපිටිය හරස් පාර, කොළඹ 2. යන ලිපිනවලට හෝ විද්‍යුත් තැපෑලට  thiliniw@plc.lk යොමු කරන්න. වැඩි විස්තර සඳහා: 076 5787957 හෝ 0715624827, 011-2631836 / 011-2631871, 011-2479224 විමසිය හැක. ෆැක්ස්:011-2631876 

කොළඹ වැඩමුළුවේ අවස්ථා කිහිපයක්...

DSC_1914 DSC_1995 DSC_1999 DSC_2005 DSC_2045 DSC_2051 DSC_2087 DSC_2107