bio science

කොළඹ සරසවියෙන් පිළිකා සෛල වයස්ගතකර මරණ රසායන සංයෝග

2017 මාර්තු 02 වැනි බ්‍රහස්පතින්දා - 441  

4

කරදිය සහ මිරිදිය ආශ‍්‍රිතව වැඩෙන කඩොලාන ශාක මහ කරදරකාරී ශාක ලෙස සමහර විට ඔබට සිතෙන්නට ඇත. එහෙත් ඒවාගේ පිළිකාකාරක සෛල නසන රසායනික සංයෝග තිබෙන දැන ගතහොත් ඒවා තවදුරටත් ආරක්ෂා කිරීමට ඔබට සිතෙනු නියතය.  
ශ්‍රී ලංකාවේ වර්ධනය වන වල් ඉ`දි, කලූ කඩොල්, මණඩ ඇතුලූ තෝරාගත් කඩොලාන වර්ග 9 ක් උපයෝගී කරගෙන සිදු කළ පර්යේෂණයකින් පිළිකාකාර ෙසෙල විනාශ සමත්වන රසායනික සංයෝග අන්තර්ගත වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් පවසති.
අක්මා, වකුගඩු හා පියයුරු පිළිකා ෙසෙල නැසීමට මෙම රසායනික සංයෝගවලින් හැකිවන බව ඔවුහු කියති. වල් ඉඳි, කලූ කඩොල්, මණඩ ඇතුලූ කඩොලාන සතු ප‍්‍රති පිළිකාකාර ගුණය සෙවීමේ මෙවැනි පර්යේෂණයක් මෙතෙක් ලොව අධ්‍යයනය කර නොමැති බවත් විද්‍යාඥයෝ පවසති.
Unti
කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර් සමරකෝන් සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි තෙන්නකෝන් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් චන්ද්‍රිකා ශන්මුගනාදන්, මෙරාන් එදිරිවීර, නිසල ප‍්‍රනාන්දු, ලක්ෂාන් විජේබණ්ඩාර, ආචාර්ය පූර්ණා පියතිලක යන මහත්මීහු මෙම පර්යේෂණය සිදුකළහ. මේ වෙනුවෙන් මහාචාර්ය අයිරා තාබ්රු මහත්මියද විශාල සහයෝගයක් ලබා දුන්නාය.
පිළිකා රෝග දිනෙන් දින ඉහළ යන අතර ළමා, තරුණ, වැඩිහිටි සහ මහලූ සියලූදෙනා මෙම රෝගී තත්ත්වයට ගොදුරු වන අතර වසරකට මිලියන 11 කට අධික නව පිළිකා රෝගීහු පිරිසක් බිහිවෙති. 2020 වන විට තව සියයට පනස් ගුණයකින් ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන බලා තිබේ.
කඩොලාන තෝරාගත්තේ මෙහෙමයි
පාසලේදී උද්භිද විද්‍යාව ඉගෙන ගනිද්දී කඩොලාන ගැන අධ්‍යයනය කරන්නට විය. පසුව විශ්ව විද්‍යාලයේදී වැඩිදුරටත් කඩොලාන ගැන ඉගෙන ගෙන තිබුණා. කරදිය සහ මිරිදිය මිශ‍්‍ර දුෂ්කර පරිසරයක වර්ධනය වන මෙම ශාකය එම පරිසරයේ වර්ධනයවීම සඳහා විශේෂ හැකියාවක් තිබිය යුතු යැයි පර්යේෂකයෝ නිගමනය කරන්නට විය. ඒ අනුව දුෂ්කර තත්ත්වයෙන් වැඩෙන නිසා එහි විශේෂිත රසායනික සංයෝග අඩංගු ඇති බව මෙම කණ්ඩායම නිගමනය කළේය. මණඩ, කලූ කඩොල්, වල් ඉඳි ඇතුලූ කඩොලානවල මීට පෙර ලෝකයේ පර්යේෂණ සිදුකර නොමැත. මෙම පර්යේෂණය සඳහා ඔවුන් 2012 සිට සූදානම් වන්නට විය. මෙය බෙහෙත් ශාකයක් ලෙස පර්යේෂකයෝ හඳුනාගෙන තිබූණි.

prof
දිවයින පුරා තෝරාගත් කඩොල් ශාකවල නියැදි පරික්‍ෂා කරයි
පර්යේෂණ කණ්ඩායමේ සිටි නාරා ආයතනයේ සුමනදාස මහතා විසින් දිවයිනේ කඩොලාන සහිත නොයෙකුත් ස්ථානවලට යෑමට කණ්ඩායමට මඟ පෙන්වීය. පර්යේෂකයෝ ලංකාවේ ප‍්‍රදේශ කීපයකයකින් ශාකවලට හානි නොකර කුඩා නියැඳි වශයෙන් සාම්පල් ලබාගත්හ. ඊට අමතරව සුමනදාම මහතා විසින් වගාකර තිබූ කඩොලාන ශාකද නියැදි වශයෙන් ලබාගන්නට විය.
පියයුරු, අක්මා හා වකුගඩු පිළිකා නාශක ගුණයෙන් යුක්තයි.
දිනෙන් දින ඉහළ යන පිළිකාව විනාශ කිරීම අරමුණු කරගෙන පර්යේෂණ කණ්ඩායම මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන්නට විය. ලංකාවේ ප‍්‍රචලිත තෝරාගත් කඩොලාන වර්ග කීපයක කොළ, ක`ද කොටස් නිවැරැුදිව ශාක විද්‍යාත්මකව හඳුනාගෙන පර්යේෂණාගාරයේ විවිධ ද්‍රවනවලට නිස්සාරණය කර ගන්නට විය. එම නිස්සාරණ විවිධ විශේෂිතවු මාධ්‍යයක වගාකර පියයුරු හා අක්මා පිළිකා ෙසෙල නැසීමට සමත්වේද යන්න පර්යේෂණ කණ්ඩායම සොය බලන්නට විය. එහිදී තෝරාගත් කඩොලාන අතරින් වල් ඉඳි ශාකය සතුව ප‍්‍රති ඔක්සිකාරක ගුණය, පියයුරු, අක්මා හා වකුගඩු පිළිකා නාශක ගුණය ද පවතින බව පර්යේෂකයන්ට සොයාගැනීමට හැකිවිය.
Sameera_Samarakoon
පිළිකා ෙසෙල මරණයට පත්කරයි
 කලූ කඩොල් ශාකය සතු විශේෂ පිළිකා නසන ගුණය නිසා වැඩිපුර පර්යේෂණ සඳහා ඔවුහු තෝරාගත්හ. පිළිකා නාශක රසායනික සංයෝග 4 ක් ඔවුනට වෙන්කර ගැනීමට හැකිවිය. එම සංයෝග 4 අඩංගු කලූ කඩොල් පත‍්‍රවලින් සකසාගත් හෙක්සේන් හා ක්ලෝරොෆෝම් නිස්සාරිත සතුව පවතින ප‍්‍රති පිළිකාකාරක ගුණය, පිළිකා ෙසෙල වයස්ගත කර මරණයට පත්කිරීමේ හැකියාව තිබෙන බව තහවුරු විය.
කලූ කඩොල් ශාකයේ පත‍්‍රවල ඇති රසායනික සංයෝග නිස්සාරිතයෙන් මිනිස් සෛල තුළ පවතින විශේෂ ජාන කීපයක ක‍්‍රියාකාරීත්වය යාමනය කිරීමෙන් මෙසේ පිළිකා ෙසෙල වයස්ගත කර මරණයට පත්කළ හැකිය. කැස්පේස් 3 සහ කැස්පේස් 9 යන ෙසෙල වයස්ගත කර මරණයට පත්කිරිමට උපකාරීවන ප්‍රෝටීන ක‍්‍රියාකාරීත්වය වැඩිකරන රසායනික සංයෝග කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ ලොව පළමුවරට කලූ කඩොල් ශාකයෙන් සොයාගත්හ. 
නැවත පිළිකාව සිරුර තුළ ජනනය කිරීමට සමත් විශේෂ සෛල විනාශකරයි.
කලූ කඩොල් ශාකයෙන් වෙන්කර ගත් ‘අයික්ලැරිනික් ඇසිඞ්’  සංයෝගය සතුවද විශේෂිත වූ ප‍්‍රති පිළිකාකාරක ගුණයක් පවතින බව ඔවුනට තහවුරු කරගැනීමට හැකිවිය. ප‍්‍රධාන වශයෙන් ‘අයික්ලැරිනික් ඇසිඞ්’ සංයෝගය සතුව පිළිකා පියවි සෛල ලෙස හඳුන්වන, දැනට පිළිකාවක් තුළ සුළු වශයෙන් පවතින, නැවත පිළිකාව සිරුර තුළ ජනනය කිරීමට සමත් වන විශේෂ ෙසෙල විනාශ කිරීමට සමත්වන බවත් තහවුරු කරගැනීමට ඔවුනට හැකිවිය. 
ඇමෙරිකාවේදී මූසිකයන් යොදාගෙන අත්හදා බලයි
කඩොලාන ශාකවලින් හඳුනාගත් රසායනික සංයෝගවල ගුණාත්මකභාවය ඇමෙරිකාවේ ටීටිස්බර්ග් විශ්ව විද්‍යාලයේදී මූසිකයන් යොදාගෙන පර්යේෂණ සිදුකරන්නට විය. එහිදී පර්යේෂකයන්ට සොයාගැනීමට හැකිවූයේ කලල අවස්ථාවේ සිටින මූසිකයන්ට පවා කිසිඳු බලපෑමක් නොකරන බවය. ඒ වෙනුවෙන් ස්වීඩනයේ විද්‍යාව සඳහා ජාත්‍යන්තර පදනමෙන් පර්යේෂකයන්ට මූල්‍යාධාර ලැබිණි. මෙම සොයාගැනීම දැනටමත් විද්‍යාත්මක සඟරාවල පළකර තිබේ. මෙමගින් නව මානයක් ඔස්සේ වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව විද්‍යාඥයෝ පවසති.

(ගයාන් සූරියආරච්)