ලොව වටා

ගිනි දෙන ගිනි කඳු

2017 මාර්තු 03 වැනි සිකුරාදා - 478  

පෘථිවි අභ්‍යන්තරයේ සිට පිටතට පැමිණෙන ලාවා  ගලා යෑමෙන් සෑදෙන භූ ලක්ෂණ ගිනි කඳු ලෙස හඳුන්වයි. සමහරවිට ලාවා එලෙස පිටතට ගලා එන්නේ විශාල පිපිරීම් ද ඇති කරමිනි. මෙලෙස මැග්මා පෘථිවිය මතුපිටට පැමිණෙන අතරතුර දී සිසිල් වී ඝන විය හැකිය. මීට අමතරව පෘථිවි අභ්‍යන්තරයේ ඇති උණුසුම් ස්ථාන හේතුවෙන් ද ගිනි කඳු සෑදෙන බව භූ විද්‍යා පරීක්ෂකයින් විසින් සොයා ගනු ලැබ ඇත. පෘථිවි අභ්‍යන්තරයේ සමහර කලාපවල අධික තාපයෙන් යුක්ත ස්ථාන 30 ක් පමණ දැනට සොයාගෙන ඇත. එවැනි ස්ථාන බොහෝමයක් සාගරික කලාපවල පිහිටා ඇත. එවැනි ස්ථානයක උෂ්ණත්වය පැරන්හයිට් අංශක 500 ක් පමණ වන බව ද සොයාගෙන ඇත.

ගිනිකන්දක් ඇති වීම

පැරණි ග්‍රීකයින්ගේ විශ්වාසය වූයේ ' වුල්කන් ' නමින් හඳුන්වන පාතාල දෙවියන් විසින් ගිනිකඳු ඇති කරන බවයි. එනමුත් එය හුදු මිථ්‍යා විශ්වාසයක් පමණක්ම වේ. භූ විද්‍යාඥයින් හා යමහල් විද්‍යාඥයින්  පෙන්වා දී ඇත්තේ එය කාලයත් සමග සිදුවන ක්‍රියාවලියක් බවයි. මීටර සිය ගණනක් උස, කිලෝමීටර කීපයක් විශාල ප්‍රදේශයක පැතිර ගිය ගිනි කන්දක් සෑදීමට වසර කීපයක් ගත වේ. සාමාන්‍යයෙන් පරිණත වූ ගිනි කන්දක් නිර්මාණය වීමට වසර 4 - 5 ක් පමණ ගත වන බව විද්‍යාඥයින්  සොයාගෙන ඇත.

ගිනි කඳු වර්ග

ප්‍රධාන වශයෙන් ගිනිකඳු වර්ග 3 කි. එනම්,

1. සක්‍රීය ගිනිකඳු

මෑතක දී විදාරණය ( පිපිරීමට ලක් වූ ) වූ හෝ නිරන්තරයෙන් විදාරණය වන ගිනිකඳු සක්‍රීය ගිනිකඳු යනුවෙන් හඳුන්වයි. මෙවැනි ගිනිකඳු 800 ක් පමණ පෘථිවිය තුළ තිබෙන බව දැනට සොයා ගෙන ඇත. එයිනුත් වැඩි ගණනක් තිබෙන්නේ පැසිෆික් සාගරය අවටයි. ' මව්නා කී ' ලොව විශාලම සක්‍රීය ගිනිකන්දයි. මෙම ගිනි කන්දේ බොහෝ ප්‍රමාණයක් සාගරයේ තුළ ගිලී තිබේ. මීට අමතරව ලොව ප්‍රධාන සක්‍රීය යමහල් ( ගිනිකඳු ) ලෙස, මෙක්සිකෝවේ පැරකුටික්, පිලිපීනයේ පිනාටුබෝ, මධ්‍යධරණී මුහුදේ ස්ට්‍රෝම්බෝලියන්, කොලොම්බියාවේ නෙවාඩෝ සිල්රෑස් ආදිය හඳුන්වා දිය හැකිය.

ගිනි කඳු ගැන වැඩි දුර තොරතුරු හා ඡායාරූප 2017 මාර්තු මස 07 වැනිදා විජය ළමා පුවත්පත බලන්න