පාසල් ක්‍රීඩා පුවත්

නිල් මහ සටන විසඳුමකින් තොරයි

2017 මාර්තු 12 වැනි ඉරිදා - 51  

කොළඹ රාජකීය විදුහල හා ශාන්ත තෝමස් විදුහල අතර පැවැත්වෙන නිල් මහ සටන මෙවර විසදුමකින් තොරව අවසන් විය. තරගයේ අවසන් දිනය වූ අද දිනයේදී අයපත් ආලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට රාජකීය කණ්ඩායම සිය දෙවැනි ඉනිමට ලකුණු 154ක් රැස්කරගෙන සිටියේ කඩුලු 8ක් වැයකරමිනි.

පෙරේදා (09දා) ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් තෝමස් කණ්ඩායමේ ඇරයුමෙන් පිටියට පිවිසි රාජකීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 255ක් රැස්කළේය. එහිදී රාජකීය කණ්ඩායම වෙනුවෙන් හිමේෂ් රාමනායක, ගනිත් සංදීප, කවිඳු මදුරසිංහ හා පසිඳු සූරිය බණ්ඩාර පිත්තෙන් දක්ෂතා දැක්වීය. රජකීය කණ්ඩායමේ කඩුලු දඩයම් කළ කලණ පෙරේරා කඩුලු පහක් දවාගත්තේය.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ තෝමස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 357ක් රැස්කරමින් සිය ඉනිම අත්හිටුවීය. ආරම්භක පිතිකරුවන් වූ රොමේෂ් නල්ලපෙරුම (92) රවිඳු කොඩිතුවක්කු (98) තෝමස් ඉනිම ශක්තිමත් කළ අතර සිතාර හපුහින්නද අර්ධ ශතකයක් වාර්තා කළේය. රාජකීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් හිමේෂ් රාමනායක කඩුලු 4ක් දවාගත්තේය.

රාජකීය කණ්ඩායමට වඩා ලකුණු 102ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ රාජකීය කණ්ඩායම කඩුලු 8 දැවී ලකුණු 155ක් රැස්කිරීමට සමත්වූයේය. එහිදී රජකීය විදුහලේ කඩුලු දැවීම වේගවත් වූ අතර තෙවිඳු සේනාරත්න හා අශාන් සංචිත සිය අන්ත ආරක්ෂා කර ගනිමින් තරගය ජයපැරඳුමෙන් තොරව අවසන් කර ගැනීමට අවශ්‍ය පදනම දැමීය. තෝමස් කණ්ඩායම වෙනුවෙන් තෙවින් ඊරියගම කඩුලු දෙකක් හා කළණ පෙරේා කඩුලු දෙකක් දවාගත්තේය. තරගය විසඳුමකින් තොරව අවසන්වීම හේතුවෙන් ඩී.එස්. සේනානායක පළිහ රාජකීය විදුහලටම හිමිවිය.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයන්

දක්ෂතය පන්දු යවන්නා කළණ පෙරේරා (තෝමස්) , දක්ෂතම පන්දු රකින්නා - මන්තිල විජේරත්න (තෝමස්), හොඳම පිතිකරුවා - රවිඳු කොඩිතුවක්කු (තෝමස්), තරගයේ වීරයා - රොමේෂ් නල්ලපෙරුම (තෝමස්) 

නිරෝෂා ප්‍රියදර්ශනී

138th-Battle-of-the-Blues-final-day-1068x712

 

දින පොත
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...