ලොව වටා

කොළොම්බියා අාපදාවෙන් 234 මරුට - 220ක් අතුරුදන්

2017 අප්‍රේල් 02 වැනි ඉරිදා - 42  

කොළොම්බියාවට බලපා ඇති අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් ගංඟා පිටාර ගැලිම හා නෑය යෑම හේතුවෙන් මඩවලට හසුවි පුද්ගලයන් 234ක් ජීවිතක්ෂයට පත්ව තවත් 220ක් පමණ අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසයි.

කොළොම්බියාවේ පුටුමායෝ පළාතේ ජනතාව මෙම සිදුවිමට මුහුණ දි ඇත. සිද්ධියෙන් 202කු තුවාල  ලබා ඇති අතර පවුල් 300ක් පමණ අවතැන්ව සිටිති. ප්‍රදේශයේ ගංඟා තුනක් පිටාර ගැලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති කොළොම්බියා ජනපති ජුආන් මැනුවෙල් සැන්ටොස් පවසා ඇත්තේ අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ අගයක පවතින හෙයින් මරණයට පත්වූ පිරිස තවත් වැඩි විය හැකි බවයි. 

නිරෝෂා ප්‍රියදර්ශනී

170401122215-01-colombia-mud-slides-0401-exlarge-169 170401140458-09-colombia-mud-slides-0401-restricted-exlarge-169 170401140502-11-colombia-mud-slides-0401-exlarge-169 170401140503-12-colombia-mud-slides-0401-restricted-exlarge-169 copy