ක්‍රීඩා පුවත්

සංගක්කාරගෙන් ශතකයක්

2017 අප්‍රේල් 18 වැනි අඟහරුවාදා - 13  

එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලියට සරේ කණ්ඩායම නියෝජනය කරමින් තරග වදින කුමාර් සංගක්කාර එහි දෙවැනි තරගයේදි ශතකයක් වාර්තා කිරිමට සමත්විය.

පසුගිය 14 දා ආරම්භ වූ මෙම තරගයේදී සරේ කණ්ඩායම නියෝජනය කරමින් සංගා පළමු ඉනිමේදී ලකුණු 46 ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 136ක් වාර්තා කිරීමට සමත්විය. ලැන්කෂයර් කණ්ඩායමට එරෙහිව තරගය පැවැති අතර එම තරගය ඊයේ (17දා) ජයපරාජයෙන් තොරව අවසන් විය.

මෙවර තරගවාරයේදි සංගා සරේ කණ්ඩායම නියෝජනය එක්වූ පළමු තරගය වෝවික්ෂයර් කණ්ඩායමට එරෙහිව පැවැති අතර එහිදීද ලකුණු 71ක් වාර්තා කිරීමට ඔහු සමත්ව තිබුණි.

නිරෝෂා ප්‍රියදර්ශනී

241457