Uncategorized

විකිපීඩියා නිර්මාතෘගෙන් අලුත් සේවයක්

2017 අප්‍රේල් 25 වැනි අඟහරුවාදා - 76  

විකිපීඩියා සම නිර්මාතෘ ජිමී වේල්ස් විකිට්‍රිබියුන් නමින් නව සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ හා ස්වෙච්ඡා සේවකයන්ගේ සහභාගිත්වයෙන් මෙ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සත්‍ය නොවන ප්‍රවෘත්ති වලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා තාර්කික හා අපක්ෂපාතී සේවාවක් ලබාදීමට අනුකූලව මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය. වෙළඳ දැන්වීම් වලින් තොරව පාඨකයාට නොමිලයේ ලිපි කියවීමට අවස්ථාව ලැබෙන අයුරින් මෙය නිර්මාණය කර තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

_95767712_8816f941-21ce-4631-a3b7-a4abe911b3aa