බැඩ්මින්ටන් ක‍්‍රීඩක නිලූක නිතරගයෙන් දෙවැනි වටයට : www.wijeya.lk

බැඩ්මින්ටන් ක‍්‍රීඩක නිලූක නිතරගයෙන් දෙවැනි වටයට

උගන්ඩා’හි කම්පාලා නගරයේදී දැන් පැවැත්වෙන ‘උගන්ඩා’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කී‍්‍රඩක නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්වේ දෙවැනි වටයට නිතරගයෙන් සුදුසුකම් ලැබීය.

ඉරානයේ අලි සාසෙයිනි සමග අද (3) පළමු වටයේදී තරග කිරීමට නියමිතව සිටි නිලූකට එහිදී නිතරගයෙන්ම දෙවැනි වටයට පිවිසීමේ අවස්ථාව හිමිවිය. නිලූක දෙවැනි වටයේදී දකුණු අප‍්‍රිකා කී‍්‍රඩක ජෙකොබ් මලේක් සමග තරග කිරීමට නියමිතය.

ලෝක ශ්‍රේණිගත කිරීමේ 119 වැනි ස්ථානයේ සිටින ජෙකොබ් පළමු වටයේදී ජැමෙයිකාවේ චාල්ස් පානේ පරදවා (21/14, 21/17) දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ජාතික බැඞ්මින්ටන් ශූරයා වන නිලූක ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 69 වැනි ස්ථානයේ සිටියි. මේ මස 5 වැනිදා දක්වා පැවැත්වෙන උගන්ඩා අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම අනුව නිලූක තෙවැනි ස්ථානයේ සිටියි.

No related content found.