සූර්යයා ගිනිදැල් විහිදයි පොළොව යට සූර්ය කුණාටුවක් : www.wijeya.lk

සූර්යයා ගිනිදැල් විහිදයි පොළොව යට සූර්ය කුණාටුවක්

පසුගිය දිනෙක යළිත් වතාවක් සූර්යයාගේ මතුපිට අති ප‍්‍රබල පිපිරීමක් සිදුවුණා. දැවැන්ත සූර්ය ගිනි ජාලාවක් එම පිපිරීමත් සමඟ නිකුත් වුණා. මේ බව ලොවට හෙළි කළේ ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන් තමයි. ඒ පිපිරීමත් සමඟ භූ-චුම්බක :ඨැදප්ටබැඑසජ ිච්ජැිඑදරප* අභ්‍යවකාශ කුණාටුවක් හට ගැනුණා. 2006 වසරෙන් පසු ඉහළම විකිරණ ප‍්‍රමාණයක් අඩංගු වූ භූ-චුම්බක අභ්‍යවකාශ කුණාටුව හැටියට ඇමෙරිකානු ජාතික කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අභ්‍යවකාශ කාලගුණ අනාවැකි පළ කිරීමේ ඒකකය :භ්එසදබ්ක උැ්එයැර ීැරඩසජැ.ි ීච්ජැ උැ්එයැර ඡුරුාසජඑසදබ ක්‍ැබඑැර* මේ භූ- චුම්බක කුණාටුව හඳුන්වනවා. සූර්යයා මතුපිට ඇති වන මෙවැනි සිදුවීම් හැඳින්වෙන්නේ සූර්ය
පිපිරීමක් :ීදක්ර ෑරමචඑසදබ* කියලයි. එහිදී නිකුත් වන්නේ සූර්ය ගිනි ජාලායි. :ීදක්ර ත්‍ක්රු*. භූ-චුම්බක අභ්‍යවකාශ කුණාටු ඇතිවන්නේ එහි ප‍්‍රතිඵලයක් හැටියටයි. පසුගිය සතියේ පෘථිවිය දෙසට හමා ආවේ එවැන්නක්.
පියවි ඇසට නොපෙනෙන ආරෝපණ අංශුවලින් සමන්විත විකිරණ කුණාටුව නිසා පෘථිවියේ සන්නිවේදන කටයුතු, පණිවුඩ හුවමාරු කටයුතු, විදුලි බල සැපැයුම් ආදියට බාධා වුණා. ප‍්‍රධාන වශයෙන් බලපෑම් එල්ල වුණේ උතුරු ඇමෙරිකාවට සහ යුරෝපා රටවලටයි. මෙවැනි සිදුවීම් මීට කලිනුත් සිදුවී තිබෙනවා. ඒත් ඉකුත් 23 වැනිදා සිදුවූ මේ භූ චුම්බක අභ්‍යවකාශ කුණාටුව තරම් ප‍්‍රබල එකක් මීට පෙර සිදුවී ඇත්තේ 2006 වසරේදීයි.
1989 වසරේ සැප්තැම්බර් නව වැනිදාත් මේ අයුරින්ම හිරුගේ අසාමාන්‍ය කි‍්‍රයාකාරීත්වයක් නිසා කැනඩාවේ ටොරන්ටෝ නුවරට බලපෑම් එල්ල වුණා. ටොරොන්ටෝ කොටස් වෙළෙඳ පොළේ පරිගණක ජාලය හිටිහැටියේ අකි‍්‍රය වෙලා බිඳ වැටුණා. තාක්ෂණවේදීන් පවා මවිත කළ එම සිද්ධියට හේතු වුණේ හිරු බව දැනගත් විට කවුරු කවුරුත් පුදුමයට පත්වුණා. හිරුගේ පිපිරීමක් සිදුවී ගිනි ජාලා නිකුත් වී ආරෝපණ අංශු විශාල ප‍්‍රමාණයක් එකවර පැමිණ පෘථිවි වායුගෝලයට ඇතුළු වීම මීට හේතුව යැයි විද්‍යාඥයන් එදා හෙළි කළා. එදා තාක්ෂණය එතරම් දියුණු නොවූ නිසා සූර්ය ගිනිදැල් විහිදීම් සහ අභ්‍යවකාශයේ භූ-චුම්බක අපට නුහුරු දේවල්.

ඒ.එෆ්.පී. ඇසුරිනි

No related content found.