වතුරාව විදුහලේ දරුවන්ට පාසල් උපකරණ… : www.wijeya.lk

වතුරාව විදුහලේ දරුවන්ට පාසල් උපකරණ…

කලවාන අධ්‍යාපන කොට්ඨාශයට අයත් දුෂ්කර ග‍්‍රාමීය පාසලක් වූ වතුරාව ජනපද විදුහලේ සිසුනට 2012 වසර සඳහා අවශ්‍ය සියලූ පාසල් උපකරණ රැගෙන, මිල්ලනිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඔකන්දූව ”රන්තරු” යෞවන සමාජයේ සාමාජිකයන් ඉකුත් ජනවාරි 05දා එම විදුහලට නෑගම් ආහ.
ඉතා දුෂ්කර මගක් ගෙවමින් බඩු බාහිරාදිය කර තබාගෙන විදුහලට පැමිණි මෙම යෞවන යෞවනියන් විදුහල්පති කපිල බණ්ඩාරවත්ත මහතා ඇතුළු ගුරු මණ්ඩලය විසින් සාදරයෙන් පිළිගනු ලැබීය. එම අවස්ථාවට කලවාන කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්‍ෂ පී.ඞී. ධර්මසේන, කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නියෝජනය කරන යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී. රොෂාන් යන මහත්වරුද එක්ව සිටියහ.
පාසලට පැමිණි මෙම යෞවන යෞවනියන් ප‍්‍රථමයෙන්ම පාසලේ සියලූම සිසුනට ආහාර පානාදියෙන් සංග‍්‍රහ කළේය. අනතුරුව කෙටි උත්සව සභාවක් පවත්වා සිසුනට පාසල් උපකරණ බෙදීම සිදුකළේය. විදුහලේ සෑම සිසුවකුටම 2012 වසර සඳහා තමන්ට අවශ්‍ය පෑන්, පැන්සල්, කවකටුපෙට්ටි, අභ්‍යාස පොත් අඩංගු පාර්සල් ප‍්‍රදානය කෙරුණි. එම ප‍්‍රදානය පිළිබඳව විදුහලේ 11 ශ්‍රේණියේ අරෝෂා උදේනි සිසුවිය, සිසුන් වෙනුවෙන් තම ස්තූතිය පලකළේය.
මිල්ලනිය තරුණ සේවා නිලධාරී කුසන්ත වන්නිආරච්චි මහතාගේ උපදෙස් පරිදි ”රන්තරු” යෞවන සමාජ සාමාජිකයන් මෙම සත්කාරය සංවිධානය කළේය. හොරණ දොඹගොඩ සීලරතන මහ විදුහලේ ආචාර්ය සෙනරත් වනිගසූරිය මහත්මා මෙම සත්කාරය සඳහා, විදුහල සොයා දීමට කටයුතු කළේය. එම මහත්වරුද මෙම ගමනට එක්ව සිටියේය.
යෞවන සමාජ සාමාජිකයන් විසින් කළ මෙම සත්කාරය පිළිබඳව ”විජය”ට අදහස් දැක්වූ ඔකන්දූව යෞවන සමාජයේ සභාපති චිරාත් තාරක මහතා මෙසේ පැවසීය. ‘‘අපට මෙම සත්කාරය කිරීමට රුපියල් 75,000/xකට අධික මුදලක් වැය වුණා. අපට දුෂ්කර පාසලකට උදව් උපකාර කිරීමට අවශ්‍යව තිබුණා. ඒ සඳහා මෙම පාසල සොයාගෙන එම කටයුත්ත කිරීමට සිතුවා. ප‍්‍රදේශවාසීන්ගෙන් අධාර මුදල් ලබාගෙන අපි මෙම කටයුත්ත ඉටුකළා. යෞවන සමාජයේ සාමාජික සාමාජිකාවන් නිදිවරාගෙන දින ගණනක් මෙම කටයුත්ත සඳහා මහන්සි වුණා. අපි සතුටු වෙනවා මෙය සාර්ථකව ඉටුකිරීමට හැකිවීම පිළිබඳව. අපි ලබා දුන් මෙම පාසල් උපකරණ ප‍්‍රයෝජනයට ගෙන මෙම නංගිලා මල්ලිලා සාර්ථකව ඉගෙන ගෙන රටට යහපත් පුරවැසියකු වනු දැකීම අපේ පැතුමයි.’’

(නෑබොඩ ලක්‍ෂ්මන් විතාන)

2 Responses to “වතුරාව විදුහලේ දරුවන්ට පාසල් උපකරණ…”

  1. sinhalawijeya on February 12th, 2012 6:59 am

    dsf sdf df

  2. sinhalawijeya on February 12th, 2012 6:59 am

    a asd asdad